දින 10ක් ඇතුළත අලි පොත උසාවියට දෙන්න නියෝග

81

පෙර පැවති නඩුවක නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලි පොත දින 10ක් ඇතුළත වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (02 දා) කොළඹ ප්‍රධාන මහාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

නීති විරෝධී අන්දමින් විවිධ පුද්ගලයන් විසින් සන්තකයේ තබාගෙන තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අලි ඇතුන් 36 දෙනකු එලෙස තබාගෙන සිටි පුද්ගලයන්ටම නැවත භාරදීමට ඉඩකඩ සලසමින් පසුගිය රජය 2021 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනයක් සහ කැබිනට් පත්‍රිකාවක් බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

පසුගිය වසරේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හා මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙර කී ගැසට් නිවේදනය අනුව කටයුතු කරමින් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති හිමියන් හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් 13 දෙනකු යළි භාර දීමට කර ඇති නියෝගය ද අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 05 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment