දින 10 ක් පෝලිමේ සිටි හැටන් ජනතාව භූමිතෙල් නැතිව හිස් අතින් යති

115

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලින් භූමිතෙල් ලබා ගැනීමට දින දහයක් තිස්සේ පෝලිම්වල සිටි පාරිභෝගිකයන්ට හිස් අතින් ගෙදර යෑමට සිදු විය.

දින 10 ක් පෝලිමේ සිටි හැටන් ජනතාව භූමිතෙල් නැතිව හිස් අතින් යති

ගත වූ දින කිහිපය තුළම අලුයම 4 ට පමණ දිනපතා භූමිතෙල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම් හල අසලට පැමිණ පෝලිම්වල රැඳී සිටියදී පසුව හැටන් පොලිසියේ නිලධාරීන් විසින් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයට දුරකථන ඇමතුමක් ලබාදී, භූමිතෙල් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ තමන් වෙත දැනුවත් කිරීමේදී ආපසු නිවාස කරා යන බව භූමිතෙල් පෝලිම්වල රැඳී සිටි පාරිභෝගිකයෝ කියා සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment