දින 183 කට පසුව චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට

221

‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණ තිබේ.

 එම ගගනගාමීන් තිදෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවක වෙයි. ඔවුන් ෂායි ෂී ගැංග්, යේ ගන්ග් ෆූ සහ වැංග් යැපිංග් ය. චීනය පෘථිවි කක්ෂයේ නිපදවන ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පළේ ඉදිකිරීම්වලට සම්බන්ධ වූ පළමු කාන්තාව ලෙස වැංග් යැපිංග් සැලකෙයි.

 ගගනගාමීන් රැගත් ‘ෂෙංසූ 13’ ගගන කැප්සියුලය පසුගිය 16 වැනිදා යළි පෘථිවියට පතිත වීම සිදුවිය. කැප්සියුලය මොංගෝලියාවට පතිත වූ අතර චීන අභ්‍යවකාශ ආයතනයේ බලධාරීහු සහ හමුදා නිලධාරීහු එය පැමිණෙන තෙක් බලා සිටියහ.

 මොවුන් තිදෙනා මීට මාස 6 කට පෙර පෘථිවි කක්ෂය බලා ගොස් ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පළට අයත් ‘ටියැංහේ’ නමැති ප්‍රධාන කොටස (මොඩියුලය) උඩු ගුවනට යවා තිබුණු සෙසු කොටස් සමඟ එකලැස් කිරීම සිදු කළේය.

 චීන අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම 2022 වසර අවසන් වෙද්දී ඔවුන් ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පළේ ඉදිකිරීම් සම්පූර්ණ කරන බවය. මෙයා ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ නැවැතුම්පළකි. බටහිර රටවල් සමඟ පවතින මත

 ගැටුම් හේතුවෙන් චීනය, අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පළ භාවිතයට නොගනී.

advertistmentadvertistment
advertistmentadvertistment