දින 23 ට කෝටි 1610 ක ‘සුරාබදු’ පාඩුවක්

175

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලයේදී සුරාසැල් වසා තැබීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 1610 ක ආදායමක් අහිමි වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

මෙම ආදායම අහිමිවී ඇත්තේ පසුගිය අගෝස්තු 20 වැනිදා සිට ඔක්තෝබර් 13 වැනිදා දක්වා වන දින 23 ක කාලය සඳහා බවත්, එක් දිනක් තුළ සුරාසැල් වසා තැබීමෙන් රුපියල් මිලියන 7000 ක පමණ ආදායමක් අහිමිවන බවත් ඒ මහතා කීය.

රජයට ප‍්‍රධාන ආදායම් ලබාදෙන ආයතන අතර රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවලට පසු සුරාබදු දෙපාර්තමේන්තුව සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment