දින 40කට ප‍්‍රමාණවත් දැවිතෙල් ගබඩාවල තිබෙනවා

66

– ඇමැති ගම්මන්පිල

දින හතළිහකට ප‍්‍රමාණවත් දැවිතෙල් ප‍්‍රමාණයක් ගබඩාවල තිබෙන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ ට පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට විදුලි බලාගාර ආශි‍්‍රත ජල පෝෂකවලට ඇති තරම් වර්ෂාව පතිතවීම නිසා ඉකුත් කාලයේදී විදුලි බලාගාරවලට දැවිතෙල් අවශ්‍ය නොවූ බවත් මේ වනවිටත් ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමට පත්වී තිබෙන නිසාත් දැවිතෙල් සම්බන්ධව කිසිදු ප‍්‍රශ්නයක් නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.එනිසා ඉදිරි දිනවලත් දැවිතෙල් මගින් විදුලිය ජනනය නොවන නිසා දැනට තෙල් සංස්ථාව සතු දැවිතෙල් තොග රටට ප‍්‍රමාණවත් වන බවද ගම්මන්පිල මහතා කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment