දින 5ක් ටිකට් නොදීම නිසා අහිමි වූ කෝටි දෙකහමාරක ආදායම වෘත්තීය සමිතිවලින් අය කර ගන්න

207

ගිය වසරේ දුම්රිය ගමන් වාර 15188 ක් අවලංගු කරලා
වාර්ෂික විගණන වාර්තාවෙන් දන්වයි

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2021) දුම්රිය ගමන් වාර 15188ක් අවලංගු කොට ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 18ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේදී දුම්රිය වාර 84244ක් ධාවනය කිරීමට සැලසුම් කොට තිබුණි. එහෙත් එම වසරේ ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය වාර 69036 ක් පමණක් බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන 2021 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට තීරණය කර තිබුණු අතර එම තීරණය හේතුවෙන් මෙකී දින පහ තුළ රජයට දෙකෝටි හතළිස්තුන්ලක්ෂ අසූඑක්දහස් නවසිය හතළිස් තුනක (24,381,943) ආදායමක් අහිමි වී ඇති බවද මෙම විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී අහිමි වූ ආදායම වෘත්තීය සමිතිවලින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ගාල්ල -ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment