දින 69 ක් තුළ යුක්රේන ආක්‍රමණයෙන් රුසියාවට  බරපතළ හානි

750

දින 69ක් ගත වී ඇති යුක්රේන ආක්‍රමණයෙන් රුසියානු හමුදාවට බරපතළ හානි සිදු වී ඇත. මේ වනවිට රුසියානු භටයන් 23800ක් මරුමුවට පත් වී ඇති අතර යුද ටැංකි 1048ක් ද සටන් වාහන 2579ක් ද විනාශ වී තිබේ.

මෙයට අමතරව කාලතුවක්කු 152ක් ද එම්. බී. ආර්. එල්. රොකට් යන්ත්‍ර 80ක් ද ගුවන් ආරක්‍ෂක පද්ධති 194ක් ද ප්‍රහාරක යානා 155ක් සහ හෙලිකොප්ටර් 1824ක් ද වැනසී තිබේ.

එසේම ප්‍රහාරක බෝට්ටු සහ නැව් 270ක් ද ඩ්‍රෝන් යානා 382ක් ද විනාශ වී ඇත. මේ වනවිට යුද මෙහෙයුම්වලින් රුසියානු ජෙනරාල්වරු 10ක් මරුමුවට පත් වී තිබේ. මේ අතර රුසියාව රහස් හමුදා අභ්‍යවකාශ යානාවක් ගුවන්ගත කර ඇත. එය යුක්රේන යුද්ධය සඳහා භාවිත කරන රේඩාර් චන්ද්‍රිකා පද්ධතියක් බව වාර්තා වී තිබේ. මෙම අභ්‍යවකාශ යානාව ගුවන්ගත කර ඇත්තේ ප්ලේසිවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට බව අනාවරණය වී ඇත. පසුගිය පෙබරවාරි 25 දා දියත් වූ යුක්රේන ආක්‍රමණය දින දෙකක් තුළ අවසන් වන බව ජනපති ව්ලැඩමීර් පුටින් ප්‍රකාශ කර තිබුණි. එහෙත් නේටෝ රටවල් අලුත්ම ප්‍රහාරක අවි තොග පිටින් යුක්රේනයට සැපයීම නිසා රුසියානු හමුදාව දැන් දුෂ්කරතාවලට මුහුණ පා ඇත. මේ අතර යුක්රේන සිවිල් වැසියන් 1500කට අධික සංඛ්‍යාවකගේ මළ සිරුරු හමු වූ බව යුක්රේන රජය හෙළි කර ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment