දින 7 ක් තිස්සේ කොරෝනා ආසාදිත පූජකයා මංගල්‍යයක් පවත්වලා

343

යාපනයේ ප්‍රදේශ දෙකකින් කොරෝනා රෝගීන් දෙදෙනකු හමුවී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කොට තිබේ.

යාපනයේ කයිතඩි හා අල්ලරායි යන පළාත්වලින් මෙම කොරෝනා රෝගීන් දෙදෙනා හමුවී තිබේ.

කයිතඩි, අරුගම්පුලව් ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජකවරයා එක් කොරෝනා ආසාදිතයකු වන අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් දින හතක් මුළුල්ලේම එම කෝවිලේ මංගල්‍යය පවත්වා තිබීම නිසා යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා සෞඛ්‍ය නිලධාරීන් එම මංගල්‍යයට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ආරම්භ කොට තිබේ. යාපනයේ අල්ලරායි ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment