දිමුත් එංගලන්තයට යයි

534

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඊයේ (19 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ අනුව දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී යෝක්ෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබේ.

අදාළ තරගාවලිය සඳහා එංගලන්තයට පිටත්ව යෑමට දිමුත් කරුණාරත්න මීට පෙර සූදානම්ව සිටියද වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම පිටත්ව යෑම ඊයේ දිනය දක්වා කල් ගියේය.

මෙම තරගාවලියේදී දිමුත් කරුණාරත්න යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් සිව්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන මැයි මසදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා දිමුත් කරුණාරත්න එංගලන්තයේ සිට පැමිණීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment