දිමුත් වාර්තාවට මෙපිටින් දැවී යද්දී පැතුම්ගෙන් අර්ධ ශතකයක් – ශී‍්‍ර ලංකා කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය

1007

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ ඊයේ (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැුස්කර ගෙන සිටියේය.

 තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වයස අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරා සිටි රිච්මන්ඞ් විදුහලේ ආදි ශිෂ්‍ය චරිත් අසලංක මෙම තරගයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබීය.

 පසුගිය පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අසලංක ශී‍්‍ර ලංකාවේ 157 වැනි ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා බවට ඊයේ පත් වූවේය.

 ගාල්ල කී‍්‍රඩාංගණයට පෙරේදා (28 වැනිදා* සහ ඊයේ (29 වැනිදා* දිනයේ ද උදෑසන සහ දහවල වරින් වර වර්ෂාව පතිත වෙමින් තිබූ අතර ආවරණ ඉවත් කර පස්වරු 3.00 ට තරගය ආරම්භ වූයේය.

 ශී‍්‍ර ලංකාව මෙම තරගයේදී දුෂ්මන්ත චමීර වෙනුවට චරිත් අසලංක කණ්ඩායමට කැඳවා තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රකීම් කෝන්වෝල් සහ ෂැනන් ගේබි‍්‍රයෙල් වෙනුවට කෙටාර් රෝච් සහ වීරසාමි පෙරුමාල් කැඳවා තිබිණි.

 ආරම්භක කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ලකුණු 106 ක සබඳතාවයක් ගොඩනැගීමට ඊයේ සමත් වූ අතර ඉනිම් 6 කට පසුව ලකුණු 50 සීමාවෙන් මෙපිටදී දැවී යමින් දිමුත් ලකුණු 42 කට දැවී ගියේය.

 ඔහු මෙම ඉනිමේදී තවත් ලකුණු 8 ක් රැුස්කර ගත්තේ නම් එක දිගට ටෙස්ට් ඉනිම් 7 කදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය හෝ එම සීමාවට පැමිණි ලොව 7 වැනි පිතිකරුවා මෙන්ම ශී‍්‍ර ලංකාවේ දෙවැනි පිතිකරුවා වන්නට ඉඩ තිබිණි.

 දිමුත් මෙම ඉනිමට පෙර අවසන් ටෙස්ට් ඉනිම් 6 තුළ පිළිවෙළින් ලකුණු 75, 244, 118, 116, 147 සහ

 83 ක් වශයෙන් ලකුණු රැුස් කරගෙන ඇති අතර කුමාර් සංගක්කාර අඛණ්ඩව ඉනිම් 7 කදී ටෙස්ට් ලකුණු 50 සීමාව ඉක්මවා යමින් එම පිතිකරුවන් 7 දෙනා අතර

 3 වැනි ස්ථානයේ රැුඳී සිටියි.

 නායක දිමුත්ගේ සහායක ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේ ඊයේ දිනයේදී සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් අතර ඒ සඳහා ඔහුට වැය වී තිබුණේ පන්දු 74 ක් පමණි. අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට පෙර පැතුම් හතරේ පහර 6 කින් සහ එක් හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරගෙන තිබූ අතර පෙරුමාල්ට එරෙහිව එල්ල කළ එම හයේ පහර ලෝන්ග් ඔෆ් දෙසින් පියඹා ගියේය.

 තරගයේ ඊයේ දින පන්දු වාර 45 ක් කි‍්‍රයාත්මක කිරීම සැලසුම වී තිබුණ ද මන්දාලෝකය කී‍්‍රඩාපිටියට සේන්දු වීමෙන් තරගය පස්වරු 5.30 ට පමණ නතර කෙරිණි. ඒ වන විට පන්දුවාර 34.4 සම්පූර්ණ කර තිබූ අතර පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 60 ක් සහ ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 2 ක් ලබා නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය.

 කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දවාගත් එකම කඩුල්ලේ හිමිකාරත්වය රොස්ටන් චේස්ට හිමි වූ අතර නායක දිමුත් ඉදිරියට පැන එල්ල කළ පහර තමන් විසින්ම සුරැුකිව රැුකගැනීමට චේස් සමත් වූවේය.

 ලකුණු පුවරුව

 ශී‍්‍ර ලංකාව පළමු ඉනිම

 පැතුම් නිශ්ශංක නොදැවී                      61

 දිමුත් කරුණාරත්න ඇ.සහ ප. චේස්     42

 ඔෂධ ප‍්‍රනාන්දු නොදැවී                       02

 අතිරේක                                           08

 පන්දුවාර 34.4 කදී                          113/1

 පන්දු යැවීම

 කෙමාර් රෝච් 6-2-12-0

 ජේසන් හෝල්ඩර් 8-2-23-0

 කයිල් මේයර්ස් 2-0-13-0

 වීරසාමි පෙරුමාල් 5-0-18-0

 රොස්ටන් චේස් 7.4-0-33-1

 ජොමෙල් වෙරිකන් 6-3-7-0

advertistmentadvertistment
advertistmentadvertistment