දිමුත් සහ චන්දි ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට

354

විස්ඩන් සඟරාව මගින් මෙවර 2021-23 ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී තිබේ.

2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වුණ ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි අදියරට නියමිත සියලුම තරග ඊයේ (20) දිනයෙන් අවසන් වූයේය.

දිමුත් සහ චන්දිමාල්ට අමතරව ඔස්ටේ්‍රලියානුවන් සිව්දෙනෙක්, ඉන්දියාවෙන් තිදෙනෙක් මෙන්ම එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයකු ඊට ඇතුළත් වෙති.

දිමුත් කරුණාරත්න තරග – 12ක් තුළ (ලකුණු – 1054, පිතිකරණ සාමාන්‍යය – 47.90, වැඩිම ලකුණු 147, ශතක -2 අර්ධ ශතක – 8 ක්) ලබා මෙම තරග වාරය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ටෙස්ට් ලකුණුලාභියා බවට පත් වීමට සමත් වෙමින් ද, සියලුම කණ්ඩායම්වල ආරම්භක පිතිකරුවන් අතරින් දෙවැනියට ඉහළම ලකුණුලාභියා ලෙස ද සිය නම සටහන් කර ගෙන ඇත.

දිනේෂ් චන්දිමාල් එහිදී තරග – 10කදී (ලකුණු – 958, පිතිකරණ සාමාන්‍යය – 68.42, වැඩිම ලකුණු 206, ශතක -2 අර්ධ ශතක – 5) ලබා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment