දියණියගේ පපුව අතගෑ මිතුරා පොලූ පහරින් මරුට

509

නිවසට පැමිණි මිතුරා තම 9 හැවිරිදි දියණියගේ පපු ප‍්‍රදේශය අතගෑමෙන් උරණ වූ පියා ඔහුට පොල්ලකින් පහරදී ඝාතනය කොට ඇතැයි මතුගම පොලිසිය කියයි.
 
පෙරේදා (21 දා* රාති‍්‍රයේ සිදුවූ මෙම පහර දීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන ලදුව මෙසේ මියගොස් ඇත්තේ මතුගම නාපිටිගල පදිංචිව සිටි වික‍්‍රමාරච්චිගේ රෝහණ නම්වූ 48 හැවිරිදි අයෙකි.
 
දියණියගේ පපු ප‍්‍රදේශය අතගෑම නිසා උරණ වූ බව කියන මිතුරා ඔහුට ලාඩප්පා පොල්ලකින් පහරදී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් ඊයේ (22 දා* මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, මතුගම පොලිස් අධිකාරි සුසිල් විජේගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මතුගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පරාක‍්‍රම උඩවත්ත, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහණ, උප පොලිස් පරීක්‍ෂක කුමාර යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
 
 විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment