දියණිය අපයෝජනය කළ නරුමයාට පහළොස් වසරක සිර දඬුවම්

352

මව රැකියාවට ගිය මොහොතේ කුඹුරේ තෙල් ගහන්න කියා රැගෙන ගොස් සිය 14 හැවිරිදි බාලවයස්කාර දැරිය අපයෝජනය කළ 52 හැවිරිදි සය දරු පියෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රු. 10,000 ක දඩයක් හා රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙරේදා (23 දා) සවස නියම කෙරුණි.

චූදිත පුද්ගලයා සිය බිරිඳ කුලී වැඩට ගොස් සිටි අවස්ථාවේ 14 හැවිරිදි බාලවයස්කාර දියණියව කුඹුරේ තෙල් ගහන්න කියා රැගෙන ගොස් බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ. එම අවස්ථාවේ අසල සිටි වෙනත් පුද්ගලයෙකු චූදිතගේ

කුඹුරට පැමිණි අවස්ථාවේ මෙය දැක මේ පිළිබඳව චූදිතගේ බිරිඳට පවසා තිබේ. ඒ අනුව චූදිතගේ බිරිඳ විසින් සිද්ධිය පිළිබඳව වීරවිල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

හම්බන්තොට මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිතට එරෙහිව නඟා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්විය. ඒ අනුව අදාළ චෝදනාව සඳහා චූදිත වැරැදිකරු බවට තීරණය කෙරුණි.

අදාළ අධි චෝදනාව සඳහා චූදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි. චූදිත දඩ මුදල් නොගෙවන්නේ නම් අමතරව වසර 01 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. ඊට අමතරව අගතියට පත් චූදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. චූදිතට නියම කෙරුණු දඬුවම් වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි. චූදිත පුද්ගලයා මෙම අපරාධය සිදුකරන අවස්ථාව වන විට තිදරු පියෙකු වන අතර මෙම සිද්ධියෙන් පසු චූදිත නිවසින් පිටමංකර තිබේ. පසුව චූදිත ඇප ලබා නඩු විභාගයට පෙනී සිටින අතරවාරයේද වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම විවාහයෙන්ද චූදිතට දරුවන් තිදෙනෙකු සිටිති. නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment