දියණිය ඉදිරිපස තබාගෙන ගිය සැප රියේ කෝටි තුනක කේරළ ගංජා

572

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී රු. කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් ඊයේ (06 දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.

කිලෝ දෙකක් අඩංගු ඇසුරුම් 97 ක මෙම කේරළ ගංජා තොගය සූක්‍ෂම ලෙස වහනයේ සඟවා තිබිණි.

කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ ප්‍රධාන සැකකරු සැක නොසිතන අයුරින් ඔහුගේ වයස අවුරුදු හයක් වූ කුඩා දියණියද ඉදිරිපස ආසනයේ රඳවා ගනිමින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් කල්පිටිය හෝ ආසන්න ස්ථානයකට රැගෙන විත් සඟවා තිබූ කේරළ ගංජා තොගය මෙසේ ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධව නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපති පො.ප. එස්. ධර්ම කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment