දියණිය ඔබ රටට ආඩම්බරයක් – අගමැති මහින්ද රාජපක්‍ෂ

697

සිය ගායන හැකියාවන් තුළින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය යොහානි දැරිය රටටම ආඩම්බරයක් බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (13 වැනිද) පැවසීය.

යොහානි ද සිල්වා දැරියගේ මැණිකේ මගේ හිතේ ගීතය රසවිඳි ලෝපුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ අවධානය ශ‍්‍රී ලංකාව වෙත යොමුවීම පිළිබඳව අප සතුටට පත්විය යුතු බව ද අගමැතවරයා වැඩිදුරටත් කියා සිටියේය.

යොහානි දැරිය මෙන් විවිධ දක්‍ෂතා ඇති දරුවන් අප රටේ තවත් විශාල ප‍්‍රමාණයක් සිටින බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ දක්‍ෂතාවන් හැකියාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග රජය විසින් ගන්නා බව ද කීය.

යොහානි දැරියගේ අනාගතය වෙනුවෙන් තම සුබපැතුම් පෞද්ගලිකව යොමු කිරීමට කටයුතු කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment