දියණිය දූෂණය කළ පියා රක්ෂිත බන්ධනාගාරයට

359


තම වඩි මහල් දියණිය දූෂණය කළ පියකු මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් එම්.එච්.ෆරීක්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 31වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත භාරයට පමුණුවන ලැබුවේ මස්කෙළිය පොලිස් වසමට අයත් මෝකා තේ වතුයායේල ඉහළ කොටසේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙකි.
දූෂණයට ලක්ව ඇති විසි හැවිරිදි තරුණියට වැඩිමහල් සහෝදරයෙක් හා පාසල් වයසේ නැඟණියන් දෙදෙනෙක් සිටිති. 23 හැවිරිදි වැඩි මහල් සොහොයුරා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර 11 හා 09 වයස් වල පසුවන අනෙක් දැරියන් දෙදෙනා පාසල් අධ්‍යාපනය හදාරමින් සිටිති. මව දැනට මාස කීපයකට පෙර මැදපෙරදිග රැකියාවක් සඳහා ගොස් ඇත.
සැකකාර පියා බීමතින් පැමිණ තමන්ට පහර දෙන නිසා ඉකුත් මස 30 දා වස පානය කළ බව මස්කෙළිය පොලීසියට මෙම දැරිය පවසා ඇත. අසාධ්‍ය තත්වයෙන් පසු වූ දැරිය මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment