දියණිය මිය යෑමෙන් සිත් තැවුලට පත් මවටත් දිවි එපාවෙලා

235

රිය අනතුරකට ලක්ව තම දියණිය මිය යෑමෙන් සිත් තැවුලකට පත්ව සිටි තිස්සමහරාම මුතියම්මාගම ප‍්‍රදේශයේ හැත්තෑ හය හැවිරි`දි තිදරු මවක් ගෙල වැළලාගෙන (06 දින) මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහරාම මුතියම්මාගම අංක 1259 යන ලිපිනයෙහි පදිංචිව සිටි කරුණාසීලි සේනාධීර යන අයයි.

තිස්සමහාරාම බෙරලිහෙළ ප‍්‍රධාන මාර්ගයෙහි මුතියම්මාගම ප‍්‍රදේශයෙහි දී කැන්ටර් ට‍්‍රක් රථයක් හා ති‍්‍රවිල් රථයක් මුහුණට මුහුණලා ගටීමෙන් සිදුවු මාරක රිය අනතුරින් ති‍්‍රවීල් රථ රියැදුරු හා එම ත‍්‍රිවීල් රථයේ ගමන් කළ මිය ගිය කාන්තාවගේ දියණිය එම ස්ථානයේදීම පසුගිය 18 වන දින මිය ගොස් තිබුණි.

එම දියණියගේ මරණයෙන් පසු දැඩි සිත්තැවුලට පත්ව සිටි ඇය තම නිවසේ පිටුපස පිහිටි මඩුවක් තුළදී මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව අනාවරණය වේ.

මෙසේ සිය දිවි හානිකර ගත් කාන්තාවගේ මෘත දේහයන් පිළිබ`ද හදිසි මරණ පරික්ෂණය තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරන්ජන්ගේ මූලිකත්වයෙන් තිස්සමහරාම මුලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment