දියත උයන අසල විරෝධතා දෙකට ආ අමුත්තෝ

266


රැකියා විරහිත උපාධිධාරීන් සහ අතුරුදහන්වූවන්ගේ සංවිධානය විසින් අද බත්තරමුල්ල දියත උයන අසල විරෝධතා දෙකක් වෙන වෙනම පවත්වනු ලැබීය.එහිදී රැකියා විරහිත උපාධිධාරී සාහාජිකයෝ තම සංවිධානයට අයත් රැකියා විරහිත 465ක් වූ සමාජිකයිනට වහාම රැකියා ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවට පොරොන්දු විය.අතුරුදහන් වූවන්ගේ සංවිධානයේ විරෝධතාවය වෙත පැමිණි සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment