දියර කිරි ලීටරයකට ගෙවන මුදලත් රු.7කින් ඉහළට

195

දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමත් සමග කිරි ගොවීන්ගෙන් මිලදී ගනු ලබන දියර කිරි ලීටරයකට ගෙවන මුදලද රුපියල් 7කින් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.

ආනයනික කිරිපිටි මිල පාලනය ඉවත් කිරීමත් සමග දේශීය කිරිපිටි මිල ද ඉහළ දැමීමට දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් පසුගිය 15 වැනිදා පියවර ගත්තේය. ඒ සමග මිල්කෝ සමාගම මගින් නිපදවන හයිලන්ඞ් කිරිපිටි කිලෝවක මිල රුපියල් 225කින් සහ ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ නැංවීය.

සිය සමාගමේ නිෂ්පාදනය කරන කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමත් සමග කිරි ගොවීන්ගෙන් මිලදී ගන්නා දියර දිරි ලීටරයකට ද මෙසේ රුපියල් 07ක් වැඩිපුර ගෙවීමට තීරණය කළ බවත්, එය නොවැම්බර් මස සිට කිරි ගොවියාට ලබාදෙන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා පැවසීය. එසේම කිරිපිටි මිල ඉහළයෑම හමුවේ වැඩිපුර දියර කිරිවලට යොමු වන ලෙස ද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment