දියර පොහොර නිෂ්පාදනාගාරයේ කුණු ගඳ ඉවසන්න බෑ – පිටිපන ප‍්‍රදේශවාසීහු බස්නාහිර පළාත් සභාවට එරෙහිව විරෝධතාවක

443

බස්නාහිර පළාත් සභාවට අයත් පිටිපන ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානයේ අලූතින් ආරම්භ කර ඇති මහා පරිමානයේ දියර පොහොර නිෂ්පාදනාගාරයෙන් නොකඩවා නැගෙන අධික දුර්ගන්ධයෙන් පිටිපන ප‍්‍රදේශවාසීන්ට නිදහසේ හුස්ම ගෙන ජීවත්විය නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එයට වහා පිළියම් යොදන ලෙසට බලකරමින් ගම්වාසීහු පළාත් සභාවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පසුගිය 14 දා පැවැත්වූහ.

පීඩාවට පත් ගම්වාසීහු පවසන්නේ මෙම දියර පොහොර මධ්‍යස්ථානයේ මසුන්ගේ අතුනුබහන් ඇතුළු මත්ස්‍ය අපද්‍රව්‍ය යොදා මහා පරිමාණයෙන් දියර පොහොර නිපදවන බවයි. මෙවන් තත්ත්වයක් හේතුවෙන් මෙතෙක් කාලයක් නිදහසේ හුස්ම ගෙන ජීවත් වූ පිටිපන ජනතාවගේ ජීවිතවලට දැන් කණකොකා හඬා ඇති බවයි. මෙම අපිරිසිදු තත්ත්වය මත ප‍්‍රදේශය පුරා දස දහස් ගණනින් මැස්සන් බෝවී ප‍්‍රදේශයේ මිනිසුන්ට ජීවත් විය නොහැකි තත්ත්වයකට පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් විසින් ක‍්‍රියාකර ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව පිටිපන කිතුණු දේවස්ථානයේ මීසමාධිපති ඇන්ටන් රංජිත් පියතුමන් පැවසුවේ පිටිපන ගම්වාසීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය රජය විසින් වහා තහවුරු කළ යුතු බවයි.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment