දියර පොහොර වෙනුවට යූරියා ඉල්ලා කෘෂි නිලධාරියාට තර්ජනය කළ සැකකාර ගොවියා අත්අඩංගුවට

476

දියර පොහොර වෙනුවට යූරියා පොහොර ලබා දෙන්නැයි ඉල්ලා කෘෂිකර්ම නිලධාරියකුට තර්ජනය කළ ගොවි මහතෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල බැමිණිවත්ත ගොවිජන කොට්ඨාසයට අයත් මාවනැල්ල ග‍්‍රාමසේවා වසමේ පදිංචි හැට හැවිරිදි ගොවි මහතෙක්ය.

කෘෂිකර්ම නිලධාරියා විසින් තම කොට්ඨාසයේ ගොවියන්ට දියර පොහොර ලබාදී ආපසු පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම ගොවියා මාර්ගය හරස්කොට පාරේ නිදාගෙන පිහියක් පෙන්වා දියර පොහොර වෙනුවට යූරියා පොහොර ලබාදෙන ලෙසට තර්ජනය කර ඇත.

මෙම ස්ථානයේ සිටි ප‍්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමකින් පසු පොලිස් නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

රාජකාරියට බාධා කිරීම අඬන්තේට්ටම් කිරීම ආදී චෝදනා යටතේ සැකකරු ඊයේ (03 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කෑගල්ල කොට්ඨාස භාර ඡුන්ද පොලිස් අධිකාරී කේ. බී. කිර්තිරත්න මහතාගේ උපදෙස් මත මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල ඵම්. හේරත් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment