දියව්…. දියව්…… පොහොර දියව්………. රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

351

පදවියේ ගොවි විරෝධතා පාගමන

මෙවර මහ කන්නයේ තම ගොවිතැන් කටයුතු සඳහා රසායනික පොහොර නොපමාව ලබා දෙන්නැයි රජයට බල කර සිටිමින් පදවිය ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු ඊයේ :18දා දවල් පදවිය නගරයේදී විරෝධතා පාගමනක සහ උද්ඝෝෂණයක නිරත වූහ.

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

පදවිය ඒ යාය ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන බණ්ඩාරනායක මාවත ඔස්සේ ඔරලෝසු කණුව අසලින් පදවිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට ගොස් එම ස්ථානයේදී උද්ඝෝෂණයක නිරත වූහග එහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටිමින් පදවිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එම්.ඒ. අනුර මිරිහාන මහතා විසින් පදවිය ප‍්‍රාදේශීය ලේකම් ජේ. රලියුදීන් මහතා වෙත සංදේශයක් භාර දීමෙන් පසු දවල් 12.00 ට පමණ උද්ඝෝෂණය අවසන් කළහ.

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

කන්තලේ වැව් බැම්ම මත උද්ඝෝෂණය

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

රසායනික පොහොර වහා ලබා දෙන ලෙස ඉල්ලමින් කන්තලේ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය විසින් ඊයේ :17දාෆ පස්වරුවේ වැව් බැම්ම මත පිහිටි අග්බෝ රජ පිළිරුව ඉදිරිපිටට ගොස් පඹයෙකු පුළුස්සමින් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි


මීට ගොවි සමිති 48 ක දෙදහසකට ආසන්න ගොවි සාමාජිකයින් පිරිසක් සහභාගිවී සිටි අතරල පෝටන්කාටුව සිට කන්තලේ නගරය හරහා කිලෝමීටර් 1 1/2 ක් පමණ පෙළපාලියෙන් ගොස් වැව් ඉස්මත්තෙන් අවසන් කළහ.

කන්තලේ ඩබ්ගඑම්ගවික‍්‍රමසිංහ

මහියංගණ ගොවි විරෝධතාව

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

”අස්වනු හානි සඳහා වන්දි ගෙවනවා. ගොවිතැන් පටන් ගන්න කියන  ආණ්ඩුවගැන කිසි විශ්වාසයක් නෑ අපටග සේනා දළඹු හානියටල පසුගිය කන්නයේ ගංවතුර ගලලා හානිවලට වන්දි නොගෙවපු කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ගොවියාට ලක්ෂ කෝටි ගණන් වන්දි දෙන්න තියෙන ආණ්ඩුවක් මේක. අපිට මේ ආණ්ඩුව ශත පහකට විශ්වාස න. වගාවන් සඳහා 50‍%‍ක් වත් රසායනික පොහොර දියව්….’’ ලෙස පවසමින් රාජ්‍ය ගොවි සංවිධාන හා මහියංගනය ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය සහ ගොවි අරගල ව්‍යාපාරයේ විරෝධතාවයක් ඊයේ :18දාෆ උදෑසන සොරබොර 01 කණුව අසලින් ආරම්භ කර පාගමනින් මහියංගණ නගරය කරා ගොස් සමාධි බුදු පිළිමය ඉදිරිපිට විරෝධතාවයේ නියැළිණි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් පොහොර ලබා දෙන ලෙසටයි. මේ සඳහා ගොවි සංවිධාන රැසක ගොවි නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන්ගේ අවසාන තීරණය වනුයේ පොහොර නොමැති නම් වතුර එපා යන්නයි.

දියව්.... දියව්...... පොහොර දියව්.......... රට පුරා ගොවි හඩ ඊයේත් ගිගුම් දෙයි

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment