දියවැඩියාවෙන් මතුවන ස්නායු දුර්වලතාවලට තෙල් ආලේපනය

590

දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරන පුද්ගලයන්ගේ සිරුරේ රුධිර සැපයුම ද නිසි අයුරින් සිදුනොවේ. එවිට ඔවුනගේ ස්නායු දුර්වලවේ. මෙම ස්නායු දුර්වලතාවය නිසා මුලින්ම බලපාන්නේ දෙපා සහ ලිංගික ප්‍රදේශයේ ස්නායු ක්‍රියාකාරීත්වටය.

 එසේ ඇතිවන බලපෑම නිසා දෙපා හැරිවැටීම, දැවිල්ල හා වේදනාව, අත්පා කෙට්ටු වී වැහැරී යෑම, අත්පාදිගේ විදුලියක් මෙන් වේදනාව ගමන් කිරීම, ඉදිකටු අනිනාවක් මෙන් දැනීම, සපත්තු හෝ සෙරෙප්පු දමා ඇති බව නොදැනීම, ස්නායු ශක්තිය පරිහානියට පත්වීම, ශරීරයේ අප්‍රාණික බව හා මාංශපේශී දුර්වල වීම, සියලු දැනීම් නොදැනී යෑම, අත් කකුල් රෙදිවලින් ඔතා ඇති බවක් දැනීම, ශරීර සම්බන්ධතාවය හා සමායෝජනය පිරිහීම, දියවැඩියාව නිසා ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයට පත්වීම සිදුවේ. දියවැඩියාව නිසා ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයට හේතුව ස්නායු දුර්වලතාව පමණක් නොවේ. පුරුෂ ලිංගයට නිසි අයුරින් රුධිරය ගලා නොඒම ද ඒ සඳහා බලපායි. මෙලෙස දුර්වල වූ ස්නායු සහ රුධිර නාළ ශක්තිමත් කර ගැනීමට පාරම්පරික සහ ආයුර්වේද වෛi ප්‍රතිකාර ක්‍රමය තුළ සකස් කළ විශේෂ තෙල් වර්ග ඇත. එම තෙල් ගැල්වීම මගින් මතුව ඇති ස්නායු දුර්වලතා සුවපත් කරගත හැකිය. මෙහිදී ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතර ස්ථානීය ප්‍රතිකාර ලෙස මෙම තෙල් වර්ග ආලේපය මගින් ස්නායු දුර්වලතා සුවපත් කර ගැනීම ඉතා වේගවත්ව කළ හැකිය.

දියවැඩියාවෙන් මතුවන ස්නායු දුර්වලතාවලට තෙල් ආලේපනය

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
 රන්පත් වෙදමැඳුර,
 අංක 663, නුවර පාර,
 පට්ටිය හන්දිය, කැලණිය.

advertistmentadvertistment
advertistmentadvertistment