දියවැඩියාව නිසා මතුවන ලිංගික දුබලතා

1351

දියවැඩියාව යනු රෝග  රැසකට බලපාන රෝගයකි. එම රෝග අතර ලිංගික දුර්වලතා ඇතිවීම ද ප්‍රධාන තැනක් ගනී. මෙලෙස ඇතිවන සුලභ ලිංගික දුබලතා කිහිපයක් පිළිබඳව විමසා බලමු.

 දියවැඩියාව නිසි ලෙස පාලනයකින් තොරව දිගු කලක් පැවැතීම නිසා ඇතිවන සුලභ ලිංගික දුබලතාවයක් වනුයේ  ලිංගික බෙලහීන තාවයය. Evectile dysfunction මෙම තත්ත්වය ඇතිවන්නේ දියවැඩියාව නිසා නිසි ලෙස ලිංගික අයවය වෙත හොඳින් රුධිර සැපයුම සිදු නොවීම සහ ස්නායු ක්‍රියාකාරීත්වය හොඳින් සිදු නොවීම නිසාය. එවිට පිරිමි පුද්ගලයන්ගේ ශික්‍ෂණය ප්‍රාණවත්වීමේ ගැටලු මතුවේ.

 කාන්තාවන්ට මෙවැනි තත්ත්වයකදී මතුවන දුර්වලතාවය වන්නේ ඔවුන්ගේ යෝනි මාර්ගයේ ස්නේහනය ඇතිනොවීම නිසා හටගන්නා වියළි බව මත ලිංගික එකතුවීමකදී වේදනාකාරී බවක් සහ එකතුවීමේ අපහසුතාවයක් තෘප්තිමත් බවක් ඇති නොවීමක් මතුවේ.

 මෙලෙස රුධිර සැපයුම අඩාලවීමට බලපාන තවත් හේතු කිහිපයක් වනුයේ රුධිර නාළ ඇතුළත අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම, අධිකරුධිර පීඩනය පාලනය සඳහා භාවිත කරන ඇතැම් ඖෂධවල බලපෑම්ය.

 මෙම හේතු නිසා ද ලිංගික බෙලහීනතාවය මතුවිය හැකිය.

ධාතු පිටවීමේ ගැටලු
 

 ලිංගික දුබලතාවයට අමතරව දියවැඩියා තත්ත්වය නිසා අනිඡානුග ස්නායු පද්ධතියේ (Autonomic nerves) ස්නායුවලට සිදුවන හානි නිසා පිරිමි අයට ලිංගික එක්වීමකදී ධාතු පිටවීමේ ගැටලු මතු වේ. එවිට ධාතු පිටතට පිටවීම වෙනුවට පසුපසට ගොස් මුත්‍රාශය වෙත පිටවීම සිදුවේ. ඊට අමතරව ඉක්මනින් ධාතු පිටවීම හෙවත් ක්‍ෂණික මෝචනය හටගනී.

දිළීර ආසාදනය
 

 රුධිරයේ සීනි හොඳින් පාලනය නොවීම නිසා මුත්‍රා සමග ග්ලුකෝස් වැඩිපුර පිටවීම ලිංගික අවයව වල දිළීර ආසාදන හටගනී.

 එවිට පිරිමි අයගේ ශිෂ්ණයේ පෙර සම ප්‍රදේශයේ කුඩා තුවාල හටගැනීම, සීරිම් වැනි තත්ත්වයන් හටගැනීම ඇති වේ. මෙම තත්ත්වය නිසා පෙර සම පසු පසට ගැනීමේ අපහසුතා ඇති වේ.

 කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ කැසීම් හටගැනීම, දැවිල්ලක් මතුවීම, වැනි අපහසුතා ඇති වේ.

වෙනත් හෝමෝන දුර්වල වීම

 දියවැඩියාව දිගු කාලයක් පැවැතීම නිසා ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ද හටගනී. ඊට හේතු වන්නේ දියවැඩියාව යනු හෝමෝන රෝගයක් බැවිණි. එනිසා අපගේ සිරුරේ ඇති සෙසු හෝමෝනවල ක්‍රියාකාරිත්වය ද දියවැඩියාව රෝගයව බලපායි.

 එවිට පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය, කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන ඊස්ට්‍රජන් හෝමෝනය මෙන්ම ප්‍රොලැක්ටින්, තයිරොක්සින් වැනි හෝමෝනවල ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වේ. එවිට ලිංගික බෙලහීනතාවයට අමතරව දරුඵල පමාවීම, මද සරුබව ඇතිවීම වැනි රෝග ද මතුවේ.

 එනිසා දියවැඩියාව ඇති පුද්ගලයකුට  ලිංගික බෙලහීනතාවයක් ඇතිවූ විට ඔවුනගේ තයිරොක්සින් හෝමෝන ක්‍රියාකාරීත්වය ලිංගික හෝමෝනවල සක්‍රීය බව ආදී ලෙසින් සෙසු හෝමෝනවල ක්‍රියාකාරිත්වය ද පරීක්‍ෂාවට ලක් කළ යුතුය.

ප්‍රතිකාර
 

 මෙලෙස දියවැඩියාව නිසා  හටගන්නා ලිංගික බෙලහීනතාවය සහ ලිංගික ගැටලු සඳහා සාර්ථක ප්‍රතිකාර සහ ඖෂධ වර්ග වර්තමානයේ ඇත.

 ඖෂධ මගින් නිසි ලෙස ප්‍රතිකාර නොලැබෙනවිට ඒ සඳහා වෙනත් නවීන ප්‍රතිකාර ද පවතී.

 දිළීර ආසාදනය ග්ලුකෝස් පාලනය මගින් සහ දිළීර නාශක ඖෂධ ලබාදීමෙන් සුව කළ හැකිය.

 මද සරු බවට ද ඊට හේතු නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් යළි සරුඵල තත්ත්වයට පත් කළ හැකිය.

 එනිසා මෙවැනි ලිංගික දුබලතා හමුවේ ඒවා සඟවාගෙන මානසික පීඩා විඳිය යුතු නැත. නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය සුවකර ගෙන යළි ලිංගික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකිවේ.

 දියවැඩියාව දිගු කාලයක් පැවැතීම නිසා ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ද හටගනී. ඊට හේතු වන්නේ දියවැඩියාව යනු හෝමෝන රෝගයක් බැවිණි. එනිසා අපගේ සිරුරේ ඇති සෙසු හෝමෝනවල ක්‍රියාකාරිත්වයටද දියවැඩියාව රෝගයව බලපායි.

දියවැඩියාව නිසා මතුවන ලිංගික දුබලතා



කොළඹ ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ
 විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති  ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment