දියුණු රටවල කොරෝනා මඩින පියවර අපට ගන්න අමාරුයි

486

කොරෝනා මැඬලීම සඳහා ධනවත් රටවල් ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට අසීරු යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට ප‍්‍රකාශ කළේය.

කොරෝනා මැඬලීම සඳහා රට වසා තබන ලෙස විවිධ පාර්ශ්වයන් ආණ්ඩුවෙන් කරන ඉල්ලීම් පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවසීය.

 රට වැහුවත් නොවැසුවත් රජයේ සේවක පාර්ශ්වයට මාසිකව වැටුපක් ලැබුණත් එදිනෙදා උපයා ජීවත්වන ලක්‍ෂ සංඛ්‍යාත පිරිස් රට වැසුවොත් ඔවුන් මුහුණපාන තත්වය පිළිබඳව ඔය කිසිවෙකු හඬක් නඟන්නේ නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාව එකම අරමුණක් ඔස්සේ කොරෝනා මැඬලීමට නිසි ආකාරයට සෞඛ්‍ය උපදේස් පිළිපැදීම තුළින් කොරෝනා මැඬලීමට විශාල සහයෝගයක් ලැබෙන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment