දිය නෑමට ගොස් අතුරුදන්වූ දෙදෙනාගේ සිරුරු ගොඩ ගනී

252

හැටන් වටවල ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් ඊයේ (19) දින පස්වරුවේ අතුරුදහන් වු දෙදෙනාගෙග් සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද (20) දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.

මෙසේ ගොඩගනු ලැබුවේ වටවල ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා තිස් අට හැවිරිදි දෙදරු පියාගේ සහ හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් විසි එක් හැවිරිදි තරුණයාගේ සිරුරුය.

ජිවිතක්ෂයට පත් දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවත්ල ඔහුන් දෙදෙනා එම ගොවිපොලේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුත්තේ නියැලි සිටින තවත් තිදෙනෙකු සමග ඊයේ දින පස්වරු 05 ට පමණ වැවේ දිය නැමට ගොස් සිටියදි මෙම අනතුරට පත් වි ඇත.

සින්නයියා රාජා වැවෙහි දිය නාමින් සිටියදි ඔහු දියේ ගිලෙමින් සිටියදි ඔහු බේරා ගැනිමට සචින්ත දිල්ෂාන් වැවට පැන උත්සහ කල අවස්තාවේ දෙදෙනාම දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
අතුරුදහන් වු දෙදෙනාගේ සිරුර සොයා ගැනිමට වතු කම්කරුවන් ඊයේ දින රාත්‍රිය වන තෙක්ම උත්සහ කලත්ල සිරුරු සොයා ගැනිමට නොහැකි වු නිසා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් සහය ලබා ගැනිමට නෝටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කරනු ලැබුහ.

advertistmentadvertistment
advertistmentadvertistment