දිය නෑමට පැමිණි කාන්තාවට අතවර කළ තරුණයා පලාගිහින්

1035

මොනරාගල කුඹුක්කන්ඔය අසල දියනෑමට පැමිණි හැටතුන් හැවිරිදි කාන්තාවකට විසිඑක් හැවිරිදි තරුණයකු විසින් අතවර සිදුකර ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

කුඹුක්කන්ඔය වැලි තොටුපළ අසලට පැමිණි දියනෑමට පැමිණි මෙම කාන්තාව අසල ළඳු කැළෑවකට ඇදගෙනගොස් අතවර සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත. සිද්ධිය පිළිබඳව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment