‘දිය නෑම අනතුරුදායකයි’  දැන්වීම් පුවරු අතුරුදන් වෙද්දී – මහියංගන මහවැලි පාළම අසල දිය නෑ දරුවා මරුවා අරන් යයි

865

මහියංගණ මහවැලි පාළම අසලින් දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි දරුවාගේ සිරුර, ඔහු ගසාගෙන ගිය ස්ථානයට මීටර් 25ක් පමණ පහළින් දියේ ගිලී තිබියදී 15 වැනිදා උදෑසන 10.30ට පමණ ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබීය.

‘දිය නෑම අනතුරුදායකයි’  දැන්වීම් පුවරු අතුරුදන් වෙද්දී - මහියංගන මහවැලි පාළම අසල දිය නෑ දරුවා මරුවා අරන් යයි

ඔවුන් මහියංගණ විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා නුවරඑළිය, වලපනේ, නිල්දන්ඩාහීන්න ප්‍රදේශයේ සිට ඔවුන් එලෙස පැමිණ ඇති අතර, විහාරස්ථානය වැඳපුදා ගැනීමට යෑමට පෙර දියනෑම සඳහා ගොස් ඇත.

පෙරේදා (14 දා) දින සවස 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර දරුවා බේරාගැනීමට ගඟට පැන්න පියාද ගසාගෙන යෑම හේතුවෙන් ස්ථානයේ සිටි පිරිසක් වහා ක්‍රියාත්මක වී පියා බේරාගැනීමට කටයුතු කර ඇත.

වලපනේ, වංගු 07 යන ලිපිනයේ පදිංචි කේ. පී. අශාන් සස්මික නමැති අය මෙසේ දියේ ගිලී ජීවිතය අහිමිව තිබේ. මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා හා නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අතුරුදන් වූ දරුවා සොයා 14 දින සවස මෙහෙයුම් දියත් කර තිබිණි.

මෙම අනතුර සිදුවන ස්ථානය වාර්ෂිකව ජීවිත රැසක් බිලි ගන්නා ස්ථානයකි. විශේෂයෙන් මෙම ප්‍රදේශයට පිටතින් පැමිණෙන සංචාරකයන් දැනුවත් කිරීමට දිය නෑම අනතුරුදායක බව සඳහන් දැන්වීම් පුවරු සවිකර තිබී ඇත. නමුත් මේ වනවිට එම පුවරු අතුරුදහන්ව තිබීම හේතුවෙන් පිටතින් පැමිණෙන සංචාරකයන් අවාසනාවන්ත ආකාරයෙන් අනතුරට පත් වෙන බව ප්‍රදේශවාසීහු කියති. මෙම ස්ථානයේ දියනෑමට ගොස් මේ වන විට ජීවිත 20කට අධික ප්‍රමාණයක් අහිමිව ඇත.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment