දිය පහරට ගසාගෙන ගිය සිගිත්තා රෝහලේදී මරුට

428

එප්පාවල සේනපුර ප‍්‍රදේශයේ වැසි දිය පහරකට ගසාගෙන යෑම හේතුවෙන් රෝහල් ගතකර සිටි සිගිත්තෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (28) සවස මියගොස් ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නො.48,යාය 04,සේනපුර පදිංචි අයි.භාග්‍ය දහම් සත්සර රාජපක්ෂ නැමති වයස අවුරුදු එකයි (1) මාස හතරක (4) පුංචි පිරිමි දරුවෙකි.

මෙම පුංචි දරුවා සිය සහෝදරයා (08) සමග පසුගිය24වනදා සවස මිදුලෙහි සෙල්ලම් කරමින් සිට ඇත. ඉන්පසු නිවස ඉදිරිපිටින් කුඹුරුවලට ජලය ගලා යන ඇලමාර්ගය අසලට නිවැසියන්ට හොරෙන් මෙම දරුවා ගොස් තිබේ. එහි ජලය නිකුත්කර නොතිබුනද වැසි ජලය පිරී ගලාගොස් ඇත. එම වැසිජල පහරට මෙම දරුවා වැටී තිබේ. පසුව මීටර් 20ක් පමණ ජලයේ ගසාගෙන ගොස් ඇත.දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් කලබලවී දරුවා සොයන විට ඇල හරහා වැටී තිබූ කෙසෙල් කොටයක රැුදී සිටියදී දරුවා හමුවී තිබේ.

පසුව එම දරුවා සේනපුර ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මූලික ප‍්‍රතිකාර සිදුකර කැකිරාව මූලික රෝහලට මාරුකර යවා ඇත.කැකිරාව රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු එහි දැඩිසත්කාර ඒකකයේ දිනකිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් මෙසේ මියගොස් ඇත.

මියගිය දරුවාගේ දේහය සම්භන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරී එච්.ඒ.කරුණාතිලක මහතා විසින් සිදුකර තිබේ.එහිදී දරුවාගේ ශරීර කොටස් රජයේ රසපරීක්ෂක වෙත යොමුකරන මෙන් නියෝග කර ඇත.සිද්ධිය සම්භන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ වැඩබලන උප පොලිස් පරීක්ෂක නිමල් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව ඉපලෝගම පොලීසිය පැවසීය.

තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment