දිරිය මිනිසුන්ට අවශ්‍ය ශක්තිය ලංකා බැංකුවෙන් දිවිඋදාන ණය යෝජනා ක‍්‍රමය

216

ශ‍්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස දශක අටකට වැඩි කාලයක් පුරා සිදුකළ ජාතික මෙහෙවර තවදුරටත් තිව‍්‍ර කරමින්, දිරිමත් ව්‍යවසායකයන් නගාසිටුවමින් ඔවුන් ශක්තිමත් කිරීම උදෙසා සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි බොහෝ පියවරයන් ගණනාවක් ක‍්‍රියාත්මක කර ඇත්තේ, රටෙහි අනාගතය වෙනුවෙන් තම වර්තමාන යුතුකම ඉටු කරනු ලබන බවට ආදර්ශමත් වෙමිනිx මෙම දැවැන්ත ක‍්‍රියා පිළිවෙතෙහි නව්‍යමය හැරවුම් ලක්‍ෂය, අප විසින් හඳුන්වා දුන් ඊධක්‍ දිවි උදාන ණය යෝජනා ක‍්‍රමයයි. මෙහිදී සියලූම ආකාරයේ ව්‍යවසාය ක්‍ෂේත‍්‍ර ආවරණය වන පරිදි විශාල පරාසයක විහිදුන ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් ලබාගත හැකි පරිදි මෙම ඊධක්‍ දිවි උදාන ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇතx රට පුරා විසීරී ඇති ලංකා බැංකුවේ ශාඛා පද්ධතිය හරහා, ඊධක්‍ දිවි උදාන ණය පහසුකම් ඔබට වඩ වඩාත් සමිප වී ඇත. අඩු පොලී අනුපාත, අවම ලියකියවිලි, කඩිනම් සේවාව නිසාම ඉතාමත් පහසුදායී ලෙස මෙම ණය ලබා ගත හැකි අතර ණය ආපසු ගෙවීම සඳහා ප‍්‍රමාණවත් කාල සීමාවක් මෙන්ම ණය සහන කාල සීමාවන්ද ඇතුළත්ව ඉතාමත් යෝග්‍යය අන්දමින් මෙම ණය යෝජනා ක‍්‍රමය සකස් කර ඇත. පවතින ව්‍යාපාරය තවදුරටත් පරිසර හිතකාමී කිරීමට, නව තාක්‍ෂණය හඳුන්වා දීමට, වැඩි දියුණු කර ගැනීමට මෙන්ම නව ව්‍යාපාර ඇරඹීම, නව නිපැයුම් හා නවෝත්පාදන වැනි සු`ඵ හා මධ්‍ය පරිමාන ව්‍යපාර ක්‍ෂේත‍්‍රයේ ව්‍යාපාර කටයුතු සඳහා ඊධක්‍ දිවි උදාන ණය යෝජනා ක‍්‍රමය විවෘත වන අතර ස්වයං රැුකියා, ධීවර, පශු සම්පත්, තාක්ෂණික, සේවා පාදක, කෘෂිකාර්මික, අත්කම්, වැනි ඕනෑම ක්ෂේත‍්‍රයක් සඳහා ඊධක්‍ දිවි උදාන ණය ප‍්‍රතිපාදන ලබා ගැනීමේ හැකියාව ඇත.

 වර්තමානයේ ඇති වී ඇති කොරෝනා වසංගතය තුළ වුවද ව්‍යවසායක ඔබ වෙත බොහෝමයක් නව ව්‍යාපාරික අවස්ථා උදාවී ඇති බැවින් ලංකා බැංකුව අඛණ්ඩව ව්‍යවසායකයන් වෙත ණය පහසුකම් ලබාදීම, ණය සහන ලබාදීම වැනි කටයුතු සිදු කරනු ලබන්නේ ජාතික බැංකුවක යුගයේ වගකීම හා යුතුකම නොපිරිහෙලා ඉටුකරමිනිx ලංකා බැංකුවේ ඊධක්‍ දිවි උදාන ණය යෝජනා ක‍්‍රමය හා අත්වැල් බැඳ ගනිමින් උදාවන හෙට දවස රටට වඩාත් යහපත් කරන්නට ලංකා බැංකුව ජාතියේ දිරිය මිනිසුන් වන ව්‍යවසායක ඔබට ඉතාමත් සුහදශීලීව ආරාධනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment