දිල්රුවන් ජාත්‍යන්තර පිටියට සමු දෙයි

211

 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන කී‍්‍රඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් ඊයේ (26 දා) මේ බව කියා සිටියේය.

 මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන දිල්රුවන් පෙරේරා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43ක් කී‍්‍රඩා කරමින් කඩුලූ 161ක් සහ ලකුණු 1303ක් රැුස් කිරීමට සමත්වී තිබේ. එක්දින තරග 13කට කී‍්‍රඩාකර ඇති දිල්රුවන් එහිදී කඩුලූ 13ක් සහ ලකුණු 152ක් රැුස්කර තිබේ. විස්සයි විස්ස තරග 3කදී කඩුලූ 3ක් දවා ගැනීමට ද ඔහු සමත්වී තිබේ.

 ශී‍්‍ර ලංකා ටෙස්ට් පිටිය තුළදී අඩුම තරග ගණනකින් කඩුලූ 100ක් පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කියන දිල්රුවන් පෙරේරා තමන් කී‍්‍රඩා කළ 25 වැනි ටෙස්ට් තරගයේදී ඉන්දියාවේ ශිකර් ධවාන් දවා ගනිමින් එම දස්කම දැක්වීමට සමත් විය.

 කෙසේ වෙතත් දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද තවදුරටත් දේශීය තරග කී‍්‍රඩා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment