දිල්ලියේ ගුවන් තොටුපළක වහලය කඩා වැටී අයකු මරුට

1

ඊයේ (28දා) උදෑසන පැවැති ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පර්යන්තයට අයත් වහලය නවතා තිබූ වාහන මතට කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා ඇති අතර වාහන රැසකට හානි සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඊයේ සවස 2 දක්වා ගුවන්ගත කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් යානා අවලංගු කිරීමට බලධාරින් විසින් පියවර ගෙන තිබේ.

අදාළ ගුවන් තොටුපළේ මගීන් ගුවන් යානා වෙත රැගෙන යන හා මගීන් ගුවන් යානාවල සිට ගෙන එනු ලබන පර්යන්තයේ වහලය කඩා වැටීමෙන් එහි නවතා තිබූ වාහන හතරක් විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම අනතුර දරුණු අනතුරක් සේ සලකා කටයුතු කරන බව පවසා ඇති ඉන්දීය සිවිල් ගුවන් සේවා ඇමැති රාම් මෝහන් නායිදු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව පවසා තිබේ. අනතුරට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිය ගිය තැනැත්තා වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 20ක හා තුවාල ලැබූවන් වෙනුවෙන් එක් අයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 3 බැගින් වූ වන්දි මුදලක් ගෙවන බව ඉන්දීය රජය විසින් නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment