දිල්ලියේ දූෂණයට පිළියම් යොදන්න – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි

156

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ හටගෙන ඇති දරුණු වායු දූෂණය තවත් දරුණු වීමට පෙර එය පිටුදැකීමට වහා කටයුතු කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය රජය වෙත දැනුම් දී තිබේ. දිල්ලි නගරයේ පවතින වායු දූෂණය සති තුනක් මුළුල්ලේ දරුණු මට්ටමක පවතින බව පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ අගනගරයයි. අප ලොවට ලබා දෙන පණිවිඩය කුමක්දැයි බලන්න රජය සංඛ්‍යා ලේඛන මත පදනම්ව තත්ත්වය තේරුම් ගත යුතුයි. වායු දූෂණය වැඩි කිරීමට කටයුතු කර ඇති පිරිස්වලට එරෙහිව දඩ පනවමින් ගැටලූව සඳහා ස්ථීර පිළියමක් යෙදිය යුතුයි’’ ලෙස අවධාරණය කර තිබේ.

දිල්ලි නගරයේ පවතින දරුණු වායු දූෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සම්බන්ධ නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මේ බව සඳහන් කර තිබේ. දීපවාලි උත්සව සමයේ දිල්ලි නගරයේ පනවා තිබූ

ගිනි කෙලි දැල්වීමේ තහනම කඩ කරමින් අධික ලෙස ගිනි කෙලි දැල්වීම හේතුවෙන් දිල්ලි නගරය හා අවට පිහිටි නගර

ගණනාවක්ම විෂ වායුන් සහිත ඝන දුමාරයකින් වැසී පවතින අතර දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment