දිල්ලි ආණ්ඩුව පෙගාසස් හරහා ඉම්රාන් ඛාන්ගේ ඔත්තු බැලුවාද?

293

2011 දී ලොව ප‍්‍රමුඛතම මෙක්සිකානු මත් ජාවාරම්කරු වන එල් චාපෝ අල්ලා ගැනීමට උපකාර වුයේ මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය වීම විශේෂයකි. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එවක මෙක්සිකානු ජනපති ෆිලිපේ කැල්ඩිරොන් එන්එස් ඕ සමාගමට විශේෂ ස්තුතියක් පිරිනැමූ බව අපට මතකය. මේ සමාගම කියන්නේ තම උපාංගය හරහා ලෝකයේ රටවලට ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය සදහා කටයුතු කල හැකි බවය. එනම් රටක ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහාය. නමුත් දැන් හෙළිව ඇත්තේ කුමක්ද? ප‍්‍රංශ ජනපති ගේ සිට ඉම්රාන් ඛාන් දක්වා රාජ්‍ය නායකයින් දාහතර දෙනකුගේත් ලොව පුරා වෙසෙන මානව හිමිකම් ක‍්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඇතුළු පනස්දහසකගේ දුරකථන දත්ත සොරා  ගැනීමට පෙගාසස් යොදාගෙන ඇති බවය.
 
 මීට වසර හතරකට පමණ පෙර ‘වොෂිංටන් පෝස්ට්‘ පුවත්පතේ ලිපියක් පළ කරමින් විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් හෙළි කර සිටියේ සිය සංවිධානයේ කාර්යභාරය ‘ප‍්‍රවෘත්තිමය වටිනාකම් සහිත තොරතුරු ප‍්‍රකාශනය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය මට්ටමින් සහතික කෙරුණ සත්‍යය හෙළිදරව් කිරීම බවයි. එහෙත් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශය පැවසුවේ ‘විකිලීක්ස්‘ වෙබ් අඩවිය ‘සාහසික රහස් ඔත්තු අංශයක්‘ ලෙසය. එසේම මෙම වෙබ් අඩවිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන්ට තර්ජනයක් වන අතරවාරයේ ආඥාදායකයන් සමඟ එක්ව කටයුතු කරන බව 2017 දී ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ ප‍්‍රධානීයා වූ මයික් පොම්පි ඕ පවසා තිබිණි. මොහු පසුව ජනපති ඩොනල්ඞ් ට‍්‍රුම්ප් යටතේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බවටද පත්විය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ලොව පුරා රටවල රාජ්‍ය රහස් ‘විකිලීක්ස්‘ වෙබ් අඩවිය හරහා හෙළි කළ විට වැඩියෙන් අපහසුවට පත්වුයේද ඇමෙරිකාවයි. එය ඔවුන් ප‍්‍රසිද්ධියේ නිරුවත් කළා හා සමාන විය. ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශය විසින් ස්මාර්ට් ජංගම දුරකතන සහ පරිගණකවල අඩංගු දත්ත රහසින් ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෘදුකාංග පිළිබඳ තොරතුරු එම ලිපිගොනුවල සඳහන් විය. කෙසේනමුත් දැන් ජුලියන් අසාන්ජ් ලන්ඩන්යේ සිරබත් කයි.
 
 නමුත් අද කතා කරන්නේ ජුලියන්ගේ හෙළිදරව් ගැන නොවේ. පෙගාසස් කතාන්දරය ගැනය. එය වෙනම කතාවකි. ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් අසල හර්ස්ලියා හි එන්එස් ඕ සමූහයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇත. මේ දිනවල නිරන්තරව කතාබහට ලක්වන පෙගාසස් (PEGASUS)  නම් ඔත්තු බැලීමේ මෘදුකාංගය මොවුන් විසින් නිර්මාණය ලැබුවේ 2010 දීය. ඊශ‍්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය විදෙස් රාජ්‍ය වලට අලෙවි කිරීමට අවසර දී ඇති නමුත් පෞද්ගලික ආයතනවලට විකිනීමට අවසර නැත. 2011 දී ලොව ප‍්‍රමුඛතම මෙක්සිකානු මත් ජාවාරම්කරු වන එල් චාපෝ අල්ලා ගැනීමට උපකාර වුයේ මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය වීම විශේෂයකි. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එවක මෙක්සිකානු ජනපති ෆිලිපේ කැල්ඩිරොන් එන්එස් ඕ සමාගමට විශේෂ ස්තුතියක් පිරිනැමූ බව අපට මතකය. මේ සමාගම කියන්නේ තම උපාංගය හරහා ලෝකයේ රටවලට ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය සදහා කටයුතු කල හැකි බවය. එනම් රටක ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහාය. නමුත් දැන් හෙළිව ඇත්තේ කුමක්ද? ප‍්‍රංශ ජනපති ගේ සිට ඉම්රාන් ඛාන් දක්වා රාජ්‍ය නායකයින් දාහතර දෙනකුගේත්් ලොව පුරා වෙසෙන මානව හිමිකම් ක‍්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඇතුළු පනස්දහසකගේ දුරකථන දත්ත සොරා ගැනීමට පෙගාසස් යොදාගෙන ඇති බවය. මේ නිසාම ප‍්‍රංශ ජනාධිපති මැක්රෝන් දැනටමත් ඔහුගේ ජංගම දුරකතනය හා එහි අංකය වෙනස් කර ඇතැයි ද වාර්තා වේ.ඉන්දියාවේ විපක්ෂ දේශපාලන ක‍්‍රියාකාරිකයින් මාධ්‍යවේදීන් පමනක් නොව තොරතුරු තාක්ෂණ ඇමතිවරයාගේ දුරකතනයටත් පෙගාසස් ඇතුළු වී තිබේ. පෙගාසස් මෘදුකාංගයට එරෙහිව එල්ලවන චෝදනා වොෂිටන් පොස්ට්, ගාඩියන් සහ ල මොන්ඬේ පුවත්පත් විසින් සහ බොහෝ මාධ්‍ය සංවිධාන විසින් ද ප‍්‍රකාශයට පත්කර තිබිණ. මෙම මාධ්‍ය වාර්තාවලට පදනම් වූයේ ජාත්‍යාන්තර ක්ෂමා ආයතනය සහ පැරිසිය මූලස්ථාන කොටගත්  Forbidden Stories නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් කරන ලද විමර්ශනයකි. ඇත්තෙන්ම සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසු ඔහු විවාහවීමට නියමිතව සිටි කාන්තාවගේ දුරකථනයේ අදාළ මෘදුකාංගය හමුවී තිබෙන අතර, 2017 සැප්තැම්බර් සහ 2018 අපේ‍්‍රල් අතර කාලයේදී කශෝගී ගේ බිරිඳගේ දුරකතනයේ ද පෙගාසස් මෘදුකාංගය ස්ථාපිතව තිබූ බව හෙළිවී තිබේ. එහෙත් එන්එස් ඕ සමාගම පවසන්නේ, තමන් කිසිදු වරදක් කර නොමැති බවය. ඇත්තෙන්ම පෙගාසස්‘ ඉතා මිල අධික ඔත්තු සේවා මෘදුකාංගයකි මෙම මෘදුකාංගය මගින් එක් ජංගම දුරකතනයක දත්ත සොරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 25,000ක් පමණ වැය වන අතර අසීමිත දුරකතන සංඛ්‍යාවක දුරකතන දත්ත  සොරාගැනීමට නම් රුපියල් බිලියන 2ක් නැතහොත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වැයවන බවත් විශේෂඥයෝ පෙන්වා දෙති. 2019 දී ජංගම දුරකතන 1400 කට සයිබර් ප‍්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින් වට්ස්ඇප් සමාගම,එන්එස් ඕ සමාගමට එරෙහිව නඩු පැවරීය. ඒ අවස්ථාවේ ඊශ‍්‍රායල් සමාගම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළ නමුත්,ඔවුනට වට්ස්ඇප් භාවිත කිරීම තහනම් කරනු ලැබ තිබේ.
 
 පෙගාසස්, ඇපල් ජංගම දුරකතනවල මෙහෙයුම් පද්ධතියේ මෙන්ම ඇන්ඩ්‍රොයිඞ් දුරකථන වල මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගවලද ස්ථාපනය කළ හැකි බව විශේෂඥයෝ සඳහන් කරති. මෙම ඔත්තු මෘදුකාංගයට ඔබගේ දුරකථනයේ ආරක්ෂාව මඟ හැර එහි අඩංගු සියළු උපාංගවලද සම්පූර්ණ ප‍්‍රවේශය ලබා ගත හැකිය. ඒ අනුව ඊමේල්, පණිවිඩ, ජීපීඑස් ( සිටිනා තැන* ඡුායාරූප, වීඩියෝ සියල්ල විනිවිද යා හැකිය. සියලූ රහස් සොරාගත හැකිය. දුරකථනයේ මයික්‍රෝෆෝනය හරහා කතා ඔබ කතා කරන්නේ කවරක්ද යන්න දැන ගත හැකිය. එසේම ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක‍්‍රියාත්මක කර ඔබට නොදැනීම ඡුායාරූප ගැනීමට හැකිවීම සුවිශේෂය. එවිට ඇත්තෙන්ම මෙය ඔබේ පෞද්ගලික දුරකථනය නම් නොවේ. මෙම මෘදුකාංගය ජංගම දුරකතනයක් තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ජංගම දුරකතනයට වට්ස් ඇප් ඇමතුමක්, කෙටි පණිවුඩයක් හෝ ඊමේල් පණිවුඩයක් යැවීමෙන් අදාළ දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි වේ. එම පණිවුඩය විවෘත කළ මොහොතේ සිටම අදාළ ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වේ. ‘පෙගාසස්‘ මෘදුකාංගය ජංගම දුරකතනයක ස්ථාපිත වූ විට එයින් ඉවත් වීමට ඇති එකම ක‍්‍රමය, අදාළ ජංගම දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම හෝ එය විනාශ කිරීම පමණකි. අලූ‍තින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විටද, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක‍්‍රමණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුය. වොෂිංටන් පෝස්ට් හි හිමිකාරිත්වය දරන, ඇමර්සන් හි හිමිකරු මෙන්ම ලොව ධනවතුන් ලයිස්තුවේ පළමුවැන්නා වන ජෙෆ් බෙසොස් ගේ දුරකතනයෙන් ද මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන තොරතුරු සොරාගත් බවට චෝදනා එල්ල වී ඇත.
 
 පෙගාසස් මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ‍්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා චෝදනා කළේ පසුගිය මාර්තු මාසයේය. ”‍පෙගාසස් කියල සොෆ්ට්වෙයාර් එකක් මේ ආණ්ඩුව අරන් තියෙනව,”‍ යනුවෙන් හරීන් මන්ත‍්‍රීවරයා පැවසුවේ එය පක්ෂ, විපක්ෂ සියලූ‍ දෙනා සම්බන්ධයෙන් ඔත්තු බැලීම පිණිස යොදවාගත හැකි බවට අනතුරු අඟවමිනි.
 
 එහෙත් කැබිනට් සම ප‍්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙගාසස් මෘදුකාංගය භාවිතා කිරීමේ චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබිණි.”‍මට කියන්න පුළුවන් රජය මෙවැනි ක‍්‍රියාවක් නොකරන බව. මම පුදුම වෙනවා මෙම ප‍්‍රශ්නයෙන්. අපි මේ ගැන දැනුවත් නෑ. මට කියන්න තියෙන්නේ අපි මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නෑ මෙහි කිසිම සත්‍යතාවක් තියෙනවා කියලා,”‍ යනුවෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ බීබීසී සමග පවසා තිබිණි. කෙසේනමුත් මේ මිල අධික මෘදුකාංගය ආරක්ෂක අමාත්‍යාංශය සතුද නැද්ද යන්න අප නම් දන්නේ නැත. එහෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යම් පියවර ගැනීමට සිදුවේ. එය වැළක්විය නොහැක. ඒවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේද නැත.
 
 පෙගාසස් ඉන්දියාවේ ඇති කළ ආන්දෝලනය මෙරට නම් හට ගත්තේ නැත. මන්ද පෙගාසස් මෘදුකාංගය යොදාගෙන රාහුල් ගාන්ධිගේ දුරකතනයේ දත්ත සොරාගෙන ඇති බව දැන් හෙළිව තිබේ. දිල්ලිය අසල්වැසි පාකිස්තාන නායකයාගේ ජංගම දුරකතනයට තට්ටු කිරීම ගැන දැන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.එම නිසාම අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ප‍්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ඔත්තු බැලීමට ඉන්දියාව ඊශ‍්‍රායලය විසින් සාදන ලද පෙගාසස් ඔත්තු මෘදුකාංග භාවිතා කළාද යන්න පිළිබඳව සොයා බලන ලෙස ඉස්ලාමාබාද් ආණ්ඩුව පසුගිය ජුලි 23 වැනිදා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. පකිස්ථානයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව ”‍රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව අඛණ්ඩව හා පුළුල්ව නිරීක්ෂණය කිරීම සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සහ වගකිව යුතු රාජ්‍යක හැසිරීම් පිළිබඳ ගෝලීය සම්මතයන් පැහැදිලිව උල්ලංඝනය කර ඇති බවය. ”‍මෙම වාර්තාවල බරපතලකම සැලකිල්ලට ගෙන, අපි අදාළ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව හොඳින් විමර්ශනය කර කරුණු හෙළිදරව් කර ඉන්දීය අපරාධකරුවන් හෙළි කල යුතු බවයි..”‍ යනුවෙන් පාකිස්තාන විදේශ අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් ස`දහන්වේ.
 
 චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment