දිල්ලි උසාවියෙන් ජැකලින්ට  ඇප

184

රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක චූදිතයකු ලෙස නම්කර සිටින ප්‍රකට නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස්ට දිල්ලි අධිකරණය මගින් ඉන්දීය රුපියල් පනස්දහසක ඇපයක් නියම කර ඇත.

කප්පම් නඩුව ඊයේ (26 දා) දිනයේ දිල්ලි අධිකරණයේ විභාග වූ අවස්ථාවේ මෙලෙස ජැකලින්ට ඇප නියම වී ඇත.

සුරේෂ් චන්‍ද්‍රශේකර් නම් පාතාල නායකයාගෙන් රුපියල් කෝටි 07 ක් වටිනා තෑගි ලබාගත් නිසා ජැකලින් මේ කප්පම් නඩුවේ චූදිතයකු ලෙස නම් කිරීමට ඉන්දීය විමර්ශන ඒජන්සිය විසින් කටයුතු කර තිබිණි.

මෙම නඩුව ඔක්තෝබර් 22 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment