දිල්ලි උසාවියෙන් ජැකලීන්ට ඇප

179

මුදල් විශුද්ධිකරණ නඩුවක චෝදනා ලබා සිටින බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට දිල්ලි අධිකරණය විසින් ඊයේ (15 දා) ඇප ලබාදී ඇත.

මෙම නඩුව ගොනුකර ඇත්තේ ඉන්දීය රජයේ මූල්‍ය අපරාධ විමර්ශන අධ්‍යක්‍ෂක මණ්ඩලය මගිනි. කෝටි 200 ක කප්පම් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාතාල නායක සුකේෂ් චන්‍ද්‍රශේකර්ට එරෙහි නඩුවේ මේ නිළියද විත්තිකාරියකි.ඇය මේ පාතාල නායකයාගෙන් කෝටි 6 කට අධික වටිනාකමක් ඇති ත්‍යාග ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment