දිල්ලි කණ්ඩායමට දෙවෙනි ජය

82
   අයිපීඑල් තරගාවලිය යටතේ  දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද්  කණ්ඩායම අතර අද පැවැති තරගයෙන් ලකුණු 7ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට දිල්ලි  කණ්ඩායම සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 144ක් ලබා ගත් අතර හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි.
මෙම ජයග්‍රහණය දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ තරග 7 ක් තුළ ලත් දෙවෙනි ජයග්‍රහණය වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment