දිල්ලි කැපිටල් දෙවැනි ජය ලබයි

75

කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර පෙරේදා පැවැති තරගයේදී ලකුණු 44ක් ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල් කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙවර තරගාවලියේ තමන් ලද දෙවැනි පරාජය අත්විඳීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාමට සිදු වූ අතර මෙවර තරගාවලියේ ලද දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායමට හැකියාව ලැබිණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ඉලක්කයක් නයිට්රයිඩර්ස් කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දු වාර 19.4කදී සියලු දෙනා දැවී ලකුණු 171ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment