දිල්ලි ගුවන් තොටුපළට සම්මානයක්

326


ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළවලින් එකක් මෙන්ම පිරිසිදුම ගුවන් තොටුපළ ලෙසද ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සභාව විසින් නම් කර ඇත.

මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව මගීන් මිලියන 40කට අධික පිරිසකට සේවා සපයන කාණ්ඩය යටතේ 2022 සඳහා ගුවන් තොටුපළ සේවා තත්ත්ව හොඳම ගුවන් තොටුපළ සඳහා වන සම්මානය ද ලබා ගෙන ඇත.
මෙම සම්මාන ලබාදී ඇත්තේ ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපල පාරිභෝගික අත්දැකීම් මැනීමේ සහ මිණුම් සලකුණු කිරීමේ වැඩසටහන යටතේය. මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ ගුවන් තොටුපළේ රැස් කරන ලද සමීක්ෂණ හරහා සජීවී පර්යේෂණ මතය.එහිදී – සංචාරකයාගෙන් ගමන් කරන දිනයේ සෘජුවම – ඔවුන්ගේ තෘප්තිය විමසා ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment