දිල්ලි නගරයෙන් වාර්තාගත ශීතල දේශගුණයක්

385

ශීත ඍතුව උදා වී ඇති ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ඍතුවේ මෙතෙක් හටගත් අධික ශීතල දේශගුණය සහිත ඊයේ (19දා) මුහුණ දී තිබිණි. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ උදෑසන දිල්ලි නගරයේ පැවති උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් වැනි අඩු අගයක් ගෙන තිබිණි.

 දිල්ලි නගරයේ ශීත ඍතුව පෙරේදා (18දා) දිනයේ ඇරඹී තිබූ අතර එහිදී පළමු දිනයේම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක්ව පැවතිණි. අධිකම ශීතල දේශගුණය වාර්තා වී තිබූ ඊයේ උදෑසන දිල්ලි නගරයේ අහස පැහැදිලිව තිබී ඇති නමුදු නගරයේ වායු ¥ෂණය තවදුරටත් නරක මට්ටමේ තිබූ බව වාර්තා වී ඇත. දරා ගත නොහැකි ශීතල හේතුවෙන් දිල්ලි නගරයේ වීථිවල ගිනි මැල ගසා ඒ ඉදිරිපිට ජනතාව සිටීම ඊයේ දිනයේ පොදු දසුනක්ව පැවතිණි. ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව ඉදිරි දින කිහිපය තුළදී වයඹදිග ඉන්දියාවේ ප‍්‍රදේශවලට දරුණු ශීත කුණාටුවක් හට ගැනීමේ අවදානමක් පවතී. මෙම තත්ත්වයෙන් පසු දිල්ලි නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment