දිල්ලි නගරයේ වායු දූෂණය නරක අතට

227

දූවිලි, කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය, වාහනවලින් නිකුත් වන දුම් හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වායුගෝලය නැවත වරක් විෂ වායුන්ගෙන් දැඩි ලෙස දූෂණය වී ඇති බව වාර්තා වේ. දරුණුම වායු දූෂණ තත්ත්වයක් සේ සැලකෙන වායුගෝලයේ වායු දූෂක අංශු 500කට වඩා වැඩි ප්‍රමාණයක් පෙරේදා දිනයේ දිල්ලි නගරයේ ප්‍රදේශ ගණනාවක තිබෙනු නිරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.ද ැනට නගරයේ පවතින වායු දූෂණය මිනිසාට අහිතකර මට්ටමේ එකක් බව අනාවරණය වී තිබේ.

පවතින තත්ත්වය මත දිල්ලි නගර බලධාරීන් පෙරේදා දිනයේ නගරයේ රැකියාවල නිරත වූවන්ට නිවෙස්වල සිට වැඩ කරන ලෙස දැනුම් දී තිබූ අතර ඉදි කිරීමේ කටයුතු ද තාවකාලිකව නතර කර තිබිණි. ඉකුත් සතියේ සිට දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ නැගීමට හේතු වී ඇත්තේ යාබද පන්ජාබ් ප්‍රාන්තයේ ගොවිපල නැවත සකස් කිරීම සඳහා ගිනි තැබීම බව හෙළි වී තිබේ. දිල්ලි නගරය ලොව වායු දූෂණය අධිකම නගරය ලෙස ජගත් පරිසර සංවිධාන විසින් නම් කර තිබේ. දිල්ලි නගරයේ වායු දූෂණය වසර පුරාම පවතිනුයේ තමන් විසින් වායු දූෂණයට පිළියම් වශයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම් ඉන්දීය මධ්‍යම රජය පිළිනොගැනීම බව දිල්ලි නගරය පාලනය කරන ‘ආම් ආද්මි’ පක්ෂය විසින් චෝදනා කර තිබේ. කෙසේ වුවද ඉන්දීය මධ්‍යම රජයේ පරිසර ඇමැතිවරයා විසින් පවසා ඇත්තේ ආම් ආද්මි පක්ෂය විසින් දිල්ලි නගරය ගෑස් ආකාරයක් කිරීම නිසා නගරයේ වායු දූෂණය වැඩි වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment