දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරයි

787

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත් වූ ලූ‍තිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව අරාලි තුඩුවේදී ඊයේ (07) පැවැත්විණ.

දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරයි


මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලූ‍තිනන් කර්නල් එච්ආර් ස්ටෙපන්, ලූ‍තිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලූ‍තිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලූ‍තිනන් කර්නල් නලීන් ද අල්විස්, ලූ‍තිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික‍්‍රමසිංහ ලූ‍තිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ එම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

ලූ‍තිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුරු විරුවන් අධි පීඩන බෝම්බයට ගොදුරුවන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රථයේ කොටස් තැන්පත් කර ඉදිකළ කෞතුකාගාරය විවෘත කිරීමද ගුණ සැමරුමට සමගාමීව යුද්ධ හමුදාපතිතුමන් විසින් සිදුකළේය.

දිලංක ගුණතිලක

දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරයි


 

advertistmentadvertistment
advertistmentadvertistment