දිවයිනට 42යි – යුග මෙහෙවර සංවත්සරය අද

122

ශ්‍රී ලාංකීය මුද්‍රිත මාධ්‍ය සම්ප්‍රදායේ අභිමානවත් නව ගමන් මඟක පියවර තැබූ දිනපතා දිවයින පුවත්පත අද (4දා) 42 වන සංවත්සරය සමරයි.

1982 පෙබරවාරි 04 වැනිදා ‘දිනපතා දිවයින’ අප මාතෘ භූමියට දායාද විය. එදා මෙදා තුර ශ්‍රී ලාංකීය පාඨක ජනතාවගේ අභිවෘද්ධිය තකා නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක පිළිවෙත සපථ කළ අප සමග රොද බැඳුණු ලක්‍ෂ සංඛ්‍යාත පාඨක ජනතාව කෘතවේදීව මේ මොහොතේ සිහිපත් කරන්නෙමු.

එදා අප පුවත්පතේ පළමු කලාපයේ කතුවැකියෙන්ම අනාවැකි පළ කළ පරිදි බාධා, කරදර, කම්කටොලු මැදින් අපි ගමන් කළෙමු.

පොදුජන අයිතිය රැකීම උදෙසා එදා මෙදා තුර අප සමග සිටි සියලු මාධ්‍ය බලමුළු ද අගයන්නෙමු.

මේ රටේ ජනතාව අපි අපගේ ස්වාමිවරුන් ලෙස පිළිගත්තෙමු. ඔවුන්ගේ ප්‍රගතියට හේතු වන්නේ කිමෙක් ද අපි ඊට පක්‍ෂ වෙමු. ඔවුන්ගේ පරිහානියට හේතු වන්නේ කිමෙක් ද ඊට අපි එකහෙලා විරුද්ධ වෙමු. අපි සාමය අගයන්නෙමු. එහෙත් සටන් නොකර බැරි තැනක දී අපි එක හිතින්ම සටන් වදින්නෙමු. එම පිළිවෙතේ අපි හෙට ද නොසැලී සිටින්නෙමු.

උපාලි විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර සංකල්පයකට අනුව ආරම්භ කළ දිනපතා පුවත්පතේ සමාරම්භක කර්තෘවරයා වූයේ එඩ්මන්ඩ් රණසිංහ මැතිතුමා අපගේ මතකයේ සදා පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment