‘දිවයින’ කාටුන් ශිල්පී වික්‍රමසිංහට SICACO ජාත්‍යන්තර තරගයෙන් සම්මානයක්

177

දකුණු කොරියාවේ SICACO කාටුන් සංගමය 30වැනි වරටත් පවත්වන ලද SICACO 2021 ජාත්‍යන්තර කාටුන් තරගය පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්විණි.

 ‘දිවයින’ පුවත්පතේ කාටුන් ශිල්පී ජයරත්න වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද ඔහුගේ නිර්මාණයක් මෙවර විශේෂ සම්මානයක් දිනාගෙන ඇත. මෙය  ‘Untact+winwin’  මාතෘකාව යටතේ අඳින ලද නිර්මාණයකි.රටවල් 50කට අධික කාටුන් ශිල්පීන් අතුරින් මෙම විශේෂ සම්මානය ඔහුට හිමිව තිබේ. ඔහු මීට පෙර ද පිට පිටම හය වතාවක්  SICACO ජාත්‍යන්තර කාටුන් තරගවලින් සම්මාන දිනාගෙන ඇත අතර දේශීය වශයෙන් කාටුන්, පෝස්ටර්, චිත්‍ර ආදියෙන් ත්‍යාග සම්මාන ලබා පැසසුම් ලබා ඇති ශිල්පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment