දිවයින පුරා සිසුන් 150 දෙනෙකු සඳහා AAT ශ්‍රී ලංකා නැණ වරුණ ශිෂ්‍යත්ව පිරිනැමේ

69

AAT ශ්‍රී ලංකා ආයතනය සිය සමාජ සත්කාරයෙහි සන්ධිස්ථානයක් සේ සලකමින් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ඉහළින්ම සමත් අ.පො.ස (උසස් පෙළ) වාණිජ විෂය ධාරාව හදාරන, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ මූල්‍යමය දුෂ්කරතා යම්තාක් හෝ දුරට මගහරවා ගනිමින් අධ්‍යාපන කටයුතු කරගැනීම සඳහා එක් දිස්ත්‍රික්කයකින් සිසුන් දෙදෙනෙකු බැගින් 50 දෙනෙකු සඳහා රුපියල් 40,000 වටිනාකමකින් යුත් නැණ වරුණ ශිෂ්‍යත්ව ලබා දීමත් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ඉහළින්ම සමත් අ.පො.ස (උසස් පෙළ) වාණිජ විෂය ධාරාව හදාරන, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ගණකාධිකරණ ශිල්පීය පාඨමාලාව සම්පූර්ණව හැදෑරීම සඳහා එක් දිස්ත්‍රික්කයකින් සිසුන් 4ක් බැගින් දිවයින පුරා සිසුන් 100 දෙනෙකුට නැණ වරුණ ශිෂ්‍යත්ව (මුල්‍යමය නොවන) ලබාදී ඇත.

සාමාන්‍යයෙන් AAT පාඨමාලාව හදාරන සිසුවෙකු අනිවාර්යයෙන් AAT ආයතනය වෙත ගෙවිය යුතු වන සියලු ගෙවීම් වලින් නිදහස් කිරීම මෙම මූල්‍ය නොවන ශිෂ්‍යත්වලාභී දරුවන් ලැබූ ශිෂ්‍යත්වට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙය ප්‍රදානය කිරීමේ දිනයේ සිට වසර දෙකක උපරිම කාල සීමාවකට යටත් වන පරිදි ලබා දී ඇත. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 02 දින AAT ශ්‍රී ලංකා ආයතනයේ මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සිසුන් තෝරා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්වාධීනව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා ලකුණු දීමේ පටිපාටියකට අනුව සිදු කරන ලදී.

මෙම AAT නැණ වරුණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපාර හා වාණිජ අධ්‍යාපන අධ්‍යක්ෂිකා මෙන්ම ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලාමනී මලවිආරච්චි මහත්මියද 2023 AAT නැණ වරුණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස Jaaka printers පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක භාතිය ආතාවුද මහතාදල AAT නැණ වරුණ මූල්‍යමය ශිෂ්‍යත්ව වැඩසටහනට මූල්‍යමය අනුග්‍රාහකත්වය සැපයූ සියලු‍ම අනුග්‍රාහක භවතුන්, AAT පාලක මණ්ඩලයේ සභාපති නලීන් ද සිල්වා මහතා ඇතුළු පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්ල AAT ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටිශාංග කුමාරසිංහ මහතා සහ AAT නැණ වරුණ ශිෂ්‍යත්වලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment