දිවයින පුවතේ බෝසත් පුතුට බෝධිසත්ව විනිසුරුතුමාගේ පිහිට

631

“මව සහ මිත්තණිය රකින බෝසත් පුතෙක්” යන සිරස්තලය යටතේ ඉකුත් 2022.01.06 දින ‘දිවයින’ පුවත්පතේ පළවූ වාර්තාව පිළිබඳව සිය අවධානය යොමුකළ කොළඹ අධිකරණයක ඉහළම නිලය හොබවන විනිසුරු තුමෙක් ඒ සඳහා සියල්ල ඉටුකර දීමට මේ වනවිට කඩිනම් පියවර ගෙන ඇත.

අංක 949, බෝගහ හංදිය, කිරිඉබ්බන්වැව, සෙවණගල යන ලිපිනයේ පදිංචි කෝරාලගේ මංජුල (39) අවිවාහකයකු වන අතර පවුලේ එකම දරුවාද වේ. බහතෝරන වියේදී පියා මියගොසිනි. මව විජේකෝසලගේ වයලට් (72) මහත්මියයි. ඇයගේ මවද ආලවඩුගේ චාලට් මහත්මියයි. වයස අවුරුදු 107 කි.

දිවයින පුවතේ බෝසත් පුතුට බෝධිසත්ව විනිසුරුතුමාගේ පිහිට

කාලයක් තිස්සේ මව තුනටිය කැඩී ඔත්පළව සිහිවිකල්ව එක්තැන් වී ඇත. මිත්තණියද සිහි මඳ ගතියෙන් ඔත්පළව සිටී. මේ දෙදෙනාගේ

සියලු කටයුතු සිදු කරමින් අසල පන්සලේ ඉතුරුවන දානය දෙවේලට රැගෙන විත් කවා පොවා කුසගිනි නිවන අතර මංජුලද නිරාහාරව සිටින වාරද අනන්තය. කිසිදු කුලී වැඩකට හෝ නිවසින් බැහැරව යා නොහැකිව ඇත්තේ මවගේ

දිවයින පුවතේ බෝසත් පුතුට බෝධිසත්ව විනිසුරුතුමාගේ පිහිට

සහ මිත්තනියගේ කටයුතු ඉටු කිරීම නිසාවෙනි. කිසිදු ආදායම් මාර්ගයක් ද නැත. අසරණ භාවයට පත්ව සිටින මංජුල ඉල්ලා සිටියේ තම නිවස ඉදිරිපිට කුඩා කාමරයක් සාදා වෙළෙඳ සැලක් පවත්වාගෙන යෑමට පු`ඵවන්කමක් ඇත්නම් ඉහත මව සහ මිත්තනිය රැකබලා ගෙන කටයුතු කරගත හැකි බවයි.

එම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරමින් අප විනිසුරුතුමා මංජුලගේ නිවස සොයා ගෙන ගොස් එම ඉල්ලීම ඉටුකර දීමට පියවර ගෙන ඇත. ඒ අනුව විහාරාධිපති හිමියන් ප්‍රමුඛ සංඝරත්නයේ ආශිර්වාද මැද ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට එය ඉදිවෙමින් පවතී.

අප විනිසුරු තුමාණෝ විනිසුරු පදවියට එහා ගිය මිනිස් ගුණයෙන් පිරිපුන් අයෙකි. හිසට සෙවණක් නොමැති පිරිස් වෙනුවෙන් නව නිවාස සියය ඉක්මවා ඉදිකර දී ඇත.

දුෂ්කර ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද වියළි ආහාර මලු ප්‍රදානය කිරීමද සිදු කරයි. 2017 සිට නොකඩවාම සතර පොහොයට සිව්වනක් පිරිස ඇතු`ඵ වරකට 4000 කට ආසන්න පිරිසක් සඳහා තම ධන පරිත්‍යාගයෙන් කැලණිය රාජමහා විහාරයේ දන්සලක් පවත්වයි. මෙවන් විනිසුරු තුමන්ලා රටට සමාජයට මහත් ආදර්ශයක් වන අතර අප කථානායකයාණෝ අන් කවරකුවත් නොව කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාය.

කුට්ටිගල දම්මුල්ලේ – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment