‘දිවයින’ පුවත නිසා අපේ ගමට ගෙවල් 14ක් ලැබුණා

203

‘‘ දවසටම එක වේලයි කන්නේ, බඩගින්න ඉවසන්න බැහැ. 2016 ඔක්තෝම්බර් 2 වැනිදා දිවයින පුවත්පතේ පල වූ ප‍්‍රවෘත්තිය නිසා අපේ ගමට ගෙවල් දාහතරක් අලූතින් හදලා දුන්නා. එම පුවත බලපු පිංවන්ත නෝනලා සහ මහත්වරුන් අපට කන්න බොන්න ඇඳුම් පැළඳුම් පවා ගෙනත් දුන්නා.

'දිවයින' පුවත නිසා අපේ ගමට ගෙවල් 14ක් ලැබුණා

ඒ හැමෝටමත් දිවයින පත්තරේ මහත්වරුටත් පිං පමුණවලා කඨින පිංකම දවසේ අපේ ගමේ අය අටපිරිකර පූජා කළා. ගල්නෑව, වැටකොළුවාගම ගම්වැසියන්ට නෙදර්ලන්තයේ පීටර් වැන්සෙලා මහතා විසින් pikaspon housing project boekel nethrland ආයතනය හරහා කෝටි දෙකක් වැයකර නව නිවාස ඉදිකර ගම්වැසියන්ට ලබා දුන් උත්සවයේදී වැටකොළුවාගම සුනිල් මහතා පැවසීය. මෙම උත්සවය ගම්වැසියන් විසින් සංවිධානය කර තිබුණු අතර පීටර් වැන්සෙලා මහතා විසින් නිවාස විවෘතකර ගම් වැසියන්ට ලබා දුන්නේය.

අනෝමා දමයන්ති(40) මහත්මිය

‘‘2017 පෑවිල්ල නිසා අපේ ගමේ අයට එදා වේල කන්න නැතිවයි හිටියේ. දිවයින පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී මහත්මයා අපේ ගමට ඇවිල්ලා අපේ දුක දැකලා දිවයින පත්තරේට ලියපු ලිපිය නිසා අපට කන්න බොන්න ලැබුණා විතරක් නෙමෙයි ගෙවල් දාහතරකුත් ලැබුණා.

එස්.එම්. ස්වර්ණලතා (44)මහත්මිය,

දිවයින පුවත්පත ගමට ආශිර්වාදයක් වුණා. අපේ කටුමැටි ගෙවල් වෙනුවට අපට හොඳ ගෙවල් හදලා දුන්නා. අපේ දුක දැකලා සුදු මහත්තයා අපට උදවු කළා.

එස්.එම්. ධනපාල (58) මහතා,

කිසිම රජයකින් නොකළ වැඩක් දිවයින පත්තරෙන් කළා. සුදු මහත්තයා කිහිප සැරයක් අපේ ගමට ඇවිත් ගියා. අඩුවක් නැතිව ගෙවල් දාහතරක් හදලා දුන්නා. උදවු කළ මහත්වරුන්ට පිං.

රත්න තිලක ජයරත්න,

ගෙයක් හදලා දෙනවා කියන එක ලොකු පිනක්. අපේ දරුවන්ට වැටිලා ඉන්න දැන් තැනක් තියෙනවා. අපිට ගෙවල් හදලා දුන්නු පීටර් සුදු මහත්තයාටත්, උදවු කළ ශාමනී පානබොක්ක මහත්මියටත්, සමන්ත කුමාර සිල්වා මහතාටත්, දිවයින පුවත් පතටත් බොහොම පිං.

කැකිරාව – සුගත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment