දිවයින බුදුමඟ අපේ පන්සල ධර්ම දේශනය – වෙසක් පොහෝ දා විපස්සනා භාවනා මාධ්‍යස්ථානයේ සිට

133

පුරා දශක පහකටත් අධික කාලයක සිට නිහඬ ශාසනික මෙහෙවරක නිරත වන කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය මෙවරත් වෛශාක්‍යාභිවන්දනා වෙසක් පුන් පොහෝදින සඳහම් වැඩසටහන මැයි මස 5 දින දවස පුරා භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එදින අලුයම සිට විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප හිමියන් විසින් සිදුකෙරෙන සීල සමාදානය හා සදහම් දේශනාවෙන් පෝදා වැඩ සටහන් ආරම්භවේ.

විදර්ශනා හා සමථ භාවනා ඇසුරින් සහ අභිධර්මය හා සූත්‍ර ඇසුරින් කෙරෙන ව්‍යක්ත ධර්ම දේශනාවක් පූජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි, පූජ්‍ය දිගන සුගතවංශ හිමි, පූජ්‍ය කොටනෙළුවේ පුක්‍ද්ක්‍දානන්ද හිමි, පූජ්‍ය වල්පොල ගෝතම හිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් සිදුකරනු ලබන අතර පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉංග්‍රීසි සදහම් දේශනාව සිදුකෙරේ.

පොහෝ දින කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය නීතියගම චන්දිම හිමි සහ පූජ්‍ය ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩම වීමෙන් සිදුකෙරේ.

එමෙන්ම මෙවර දිවයින බුදුමඟ මාසික ධර්ම සංග්‍රහය මෙහෙයවීමෙන් සිදුකරනු ලබන අපේ පන්සල ධර්මදේශනාමය වැඩසටහන ද වෙසක් පුන් පොහෝ දින ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත. වැඩසටහන බුදුමඟ ෆේස් බුක් පිටුව ඔස්සේ සහ ජය රූපවාහිනී නාළිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment