දිවි සැරිය නිම කළ ආනන්ද එස්. විජයසිරි නාට්‍යවේදියා

136

සිංහල වේදිකා නාට්‍ය කලාවේ අද යුගයේ පෙරමුණෙහි සිටින තරුණ නාට්‍යවේදීන් අතුරෙහි අනිවාර්යයෙන්ම සිටිය යුතු ආනන්ද එස්. විජයසිරි කෘතහස්ථ නාට්‍ය ශිල්පියා පසුගියදා තම දිවි සැරිය නිම කළේය. ආනන්ද එස්. විජයසිරිගේ කලා ජීවිතය ආරම්භ වූයේ කොළඹ ආනන්ද මහා විදුහලෙනි. එහිදී ලත් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිiාලයට බැඳුණු හෙතෙමේ 1968 දී ප‍්‍රථම උපාධිය අත්කොට ගත්තේය. නාට්‍යකරණයෙන් විශිෂ්ට තැනක් ලබන්නටත්, සම්මාන හිමිකොට ගන්නටත් ආනන්ද එස්. විජයසිරි පුරුදු වූයේ ඔහුගේ ප‍්‍රථම වේදිකා නාට්‍යයෙහි පටන්මය. 1971 රාජ්‍ය නාට්‍ය උළෙලෙහි අවසාන වටයට තේරුණු ඔහුගේ ‘බැද්දේ ගෝරණාඩුව’ ප‍්‍රථම වේදිකා නිර්මාණය වන්නේය. නෙත් අඳ බිසව්, දෙව් ලොව යනකං,අහසින් යන උන්,සෝමාදේවි නූර්ති නාටකය,ජුලියස් සීසර් අනුවර්තන නාට්‍ය, ඔතලෝ අනුවර්තන නාට්‍ය හා නැට්ටුක්කාරයෝ එදා මෙදා තෙක් ඔහු අතින් රචනාකොට නිෂ්පාදන අධ්‍යක්‍ෂණයෙන් දොරට වැඩූ නිර්මාණශීලීත්වයේ ආලෝකය ලැබ වේදිකාවට ආ නාට්‍ය වූ අතර විවිධ ශෛලීන්ගෙන්් සහ විවිධ ප‍්‍රස්තූතයන්ගෙන් පෝෂිත කෘතීන්ද වන්නේය.

 ආනන්ද එස්. විජයසිරි කවියකු ලෙසට දොරට වැඩියේ පාසල් සමයේදී ‘සමන්මලී’ නමැති කුඩා කවි පොතක් මුද්‍රණයෙන් එළිදැක්වීම නිසාය. ආනන්ද විජයසිරි සිනමා ක්‍ෂේත‍්‍රයටද විශාල මෙහෙයක් ඉටුකර ඇත. ඔහු විසින් තිර රචනයෙන් දායක වූ සුදු පරවියෝ, චණ්ඩින්ගෙන් චණ්ඩියා, මාල ගිරවි, බඹරා, අම්මේ ඔබ නිසා හා අංගුලිමාල තිර කතාවද රතු මකුරා, චුට්ටේ ඔහු සහය අධ්‍යක්‍ෂණයෙන් දායක වූ චිත‍්‍රපටද විය.

 චිත‍්‍රපට රාශියකට ගීත රචනයෙන්ද දායක විය. විජයසිරි කොටස් 16කින් සමන්විත වූ ‘‘ගලබොඩ හස්තියා’’මාලා ටෙලි නාට්‍ය රචනා කර නිෂ්පාදන අධ්‍යක්‍ෂණය කොට ජාතික රූපවාහිනියෙන් 1996 වසරේදී පස්වරු 8.30 කාලය තුළ විකාශනයට පත්කරන ලදී. අනතුරුව මාලා නාට්‍ය රචනා කීපයක් නැවත රචනා කළේය. ආනන්ද එස්. විජයසිරිගෙන් සිංහල වේදිකා නාට්‍යයට, ගීතයට, සිනමාවට හා සෙසු සාහිත්‍යමය අංශයටත් ඉටුවන මෙහෙය අගය කළ යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment