දිවුලපිටිය රථවාහන ස්ථානාධිපති හැප්පූ රියැදුරු රිමාන්ඩ්

548

බීමත්ව අපරික්ෂාකාරී ලෙස වෑන් රථයක් ධාවනය කර දිවුලපිටිය නගරයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි දිවුලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ රාත්‍රී හිතාමතා හප්පා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වෑන් රථ රියැදුරුව ලබන 14 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද නියම කළාය .
දිවුලපිටිය , ජයකොඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බී. ඉසුරු හර්ෂ
දරීජු නැමැති වෑන් රථ රියදුරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ
දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහීපාල ගුණවර්ධන මහතා මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අධිකරණයේ දී සඳහන් විය .
ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ දිවුලපිටිය නගරයේ පොල හන්දියේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරිය
ඉටු කරමින් සිටින අවස්ථාවේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වෙමින් තිබූ වෑන් රථය නවතන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය කීය. වෑන් රථය නවතන ලෙසට පොලිස් නිලධාරියා කළ සංඥාව නිසා කෝපයට පත් රියදුරු
හිතාමතාම නිලධාරියාව
වෑන් රථයෙන් හප්පා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයේ දී සඳහන් විය .

advertistmentadvertistment
advertistmentadvertistment